May 10, 2024

"ඉවසීමෙන් ඉන්න.. තව මාස 12යි" - ඇමැති ජොන්ස්ටන් කළ ඉල්ලීම

මාස 12 අපිත් එක්ක ඉවසීමෙන් ඉන්න කියලා ජනතාවගෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මාර්ග තදබදය තියෙද්දි ආණ්ඩුවට බනින බවත් ඊළඟට මාස විස්සක් ඇතුළත දී නුවර වගේම කොහුවල ගුවන් පාලම හදන්න සූදානම් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (07) අරලියගහ මැදුරේදී පැවති ගුවන් පාලම් ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.

"මම ස්තූතිවන්ත වෙනවා අපේ පස්වන විධායක ජනාධිපති ඒ වගේම අද අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අද දවසේ ඇවිල්ලා, මෙය ඉතිහාසගත වන දවසක් අද ගරු අගමැතිතුමනි, කුලුනු මත ඉදිවන අධිවේගී මාර්ගය නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වාත් ඒ වගේම ගුවන් පාලම් 5ක් ව්‍යාපෘති හයක් ඔක්කොම ආරම්භ කිරීම ගැන. ලංකා ඉතිහාසයේ අද ඉතිහාසගත වන දවසක්. බාන්ස් ආණ්ඩුකාරවරයා ගෙන් පස්සේ ඔබතුමාගේ කතාවෙන් තමයි මං එදා ඕක දැනගත්තේ රුවන්පුර අධිවේගී මාර්ගයට මුල්ගල් තබන අවස්ථාවේදී ඔබතුමා කරනලද කතාවේදී තමයි මං ඔය පිලිබඳව දැනගත්තේ. ඉන්පසු මම ඒ ගැන අධ්‍යනය කලා. බාන්ස් ආණ්ඩුකාරවරයාගෙන් පස්සේ මේ රටේ මහා මාර්ග විප්ලවයක් ඇති උනානම් ඇති උනේ ඔබතුමා ජනාධිපති තුමා හැටියට හිටපු කාලෙදී. ඔබතුමා තමයි කොළඹට සීමා වෙලා තිබුණු කාපට් මාර්ග මේ රටේ අස්සක් මුල්ලක් නෑර ගෙනගොස් සංවර්ධනය කලේ කිලෝමීටර් 13000 තරම් ප්‍රමාණයක් යුද්ධයක් කරන ගමන් මේ රටේ යටිතල දියුණු පහසුකම් දියුණු කරපු නායකයා ඔබතුමායි. අධිවේගී මාර්ග සංස්කෘතිය මේ රටට හඳුන්වා දීපු නායකයා ඔබතුමායි. ඔබතුමා 2015 පැරදුණේ නැත්තං මේ ඔක්කොම මාර්ග, මේ ඔක්කොම ගුවන් පාලම් හදලා, ගුවන් මාර්ග හදලා විශාල දියුණුවක් ලබාගන්න තිබුණා. පහුගිය යහපාලන අවුරුදු 5 නිසා අපි අවුරුදු පනහකින් ආපස්සට ගියා. ඒ නිසා අද අපි වැඩියෙන්ම සතුටු වෙන්නේ කෝවිඩ් ව්‍යසනය තිබියදීත් ඒ අභියෝගයට මුහුණ දෙමින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මේ රටේ යටිතල පහසුකම් දියුණු කරන්න, අනන්ත කැපකිරීමකින් වැඩ කටයුතු කරන, අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් ඉතාමත් ගෞරවයෙන් මම මේ අවස්ථාවේදී මතක් කරනවා.

ඒ නිසා අදත් ඔවුන් කරන්නේ මඩගහන එක. ඔබතුමා එදා දකුණු අධිවේගී මාර්ගය හදනකොට කිව්වේ රාජපක්ෂලාට ඇඹුල්තියල් ගේන්න, කිරිපැණි ගේන්න තමයි අධිවේගී මාර්ගය හැදුවේ කියලා. අද පුළුවන් දිසානායක මහත්තයාට ඇඹුල්තියල් එකේ ගිහිල්ලා ගෙදරට කිසි කරදරයක් නැතුව ගේන්න. මේ ව්‍යාපෘතිය පටන් ගන්න කොටත් කිව්වා චීන්නුන්ට දුන්නයි කියලා පුළුවන් තරම් බලන්නේ මඩ ගහන්න. එදා 2015 න් ඉස්සෙල්ලා ඔබතුමාට අපහාස කරලා ඔබතුමාගේ පවුලට අපහාස කෙරුවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් රාජ්‍ය බලය ගත්තට පස්සේ ඔබතුමාගෙන් සහ ඔබතුමාගේ පවුලේ අයගෙන් පලි ගත්තා. අපි අපිට අමුතුවෙන් ඒවා මතක් කරන්න දෙයක් නෑ පලිගන්නවා ඇරෙන්න ඔවුන් කරපු දෙයක් නැහැ. සම්පත් විකුණුවා ඇරෙන්න ඔවුන් කරපු දෙයක් නැහැ.

"හාස්‍ය ම කාරණය තමයි මේ රට විනාශ කරපු අය මේ රට පාලනය කරන හැටි එන්නත දෙන හැටි ආර්ථිකය මෙහෙයවන හැටි උගන්නන්න ඉදිරිපත් වෙනඑක. නමුත් මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ. මේ රටේ ජනතාව ඉවසීමෙන් මේ දිහා බලාගෙන ඉන්නවා. අපිට ඡන්දය දුන්න හැටනම ලක්ෂයේ ජනතාව නින්දා අපහාස විඳිමින් විපක්ෂය කරන මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා. නමුත් අපේ රටේ ජනතාවට විශ්වාසය තියෙනවා මේ රට හදනවා කියලා. ගරු අගමැතිතුමා වගේම ජනාධිපතිතුමා මේ කොම්පඤ්ඤ විදිය බාලදක්ෂ මාවතේ ඉදිවෙන පාලම් තුන ගැන පුද්ගලිකව බැලුවා. ඒ පාලම් තුන මාස 12ක් ඇතුළත නිම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවගෙන් අපි ඉතාමත් ආදරයෙන් ඉල්ලනවා ඒ මාස 12 අපිත් එක්ක ඉවසීමෙන් ඉන්න කියලා. අපිට මතකයි මාර්ග තදබදය තියෙද්දි ආණ්ඩුවට බනිනවා. ඊළඟට මාස විස්සක් ඇතුළත දී අපි බලාපොරොත්තු වෙනවා නුවර වගේම කොහුවල ගුවන් පාලම හදන්න. ඒ කොන්ත්‍රාත් කරුවන් ගෙන් අපි ඉල්ලීමක් කරනවා ඉක්මනින් එය අපිට ලබා දෙන්න කියලා. එමෙන්ම චයිනා හාබර් සමාගමින් මාස 36ක් යොදාගෙන තියෙනවා ඒ අධිවේගී මාර්ගය හදන්න. ඔබතුමාලා ගෙනුත් අපි ඉල්ලීමක් කරනවා පැය 24ම වැඩ කරලා අපිට ඉක්මනින් ඒ මාර්ගය ලබා දෙන්න කියලා.මේ මාර්ගය හැදුවා ඉන්පස්සෙ වාහන 40,000 ක් ගමන් කරන්න පුලුවන් කියලා මොරටු විශ්ව විද්‍යාලයෙන් ගණන් බලා තියෙනවා. එමඟින් විශාල ආර්ථික ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. වාහන තදබදයට පිලියමක් විතරක් නෙවෙයි ඒ මුළු පළාත් වලම ඉඩම් වල මිල ගණන් වැඩි වෙනවා. දැවැන්ත ජයග්‍රහණයක් ජනතාවට ලබා ගන්න පුළුවන්. හම්බන්තොටින් පටන් ගත්තාම මේ ව්‍යාපෘතිය හරහා වරාය නගරයට ඇවිත් බහින්න පුළුවන් යුගය තමයි අද අපි මේ ව්‍යාපෘතිය හරහා ආරම්භ කරලා තියෙන්නේ කියලා බොහොම ගෞරවයෙන් මතක් කරනවා.

ඔබතුමා මේරටට දැවැන්ත ශක්තියක්. ඒ වගේම ඔබතුමා ගැන දැඩි විශ්වාසයක් තියෙනවා. නිමා කරන්න බෑ කියපු යුද්ධය ජයග්‍රහණය කරපු නායකයෙක් විතරක් නෙවෙයි රට හදපු නායකයා කියල කියන්න පුලුවන්. එදා යුද්ධයේ ආරක්ෂක ලේකම් වරයා විදිහට දැවැන්ත ශක්තියක් වෙමින් යුද්ධය ජයගත්තා. අද ජනාධිපතිවරයා වෙලා පරිනත නායකත්වයක් තියන අගමැති එක්ක අපිට විශ්වාසයක් තියනවා, ඉදිරියේදි දියුණු රටක් බවට අපේ රට පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියලා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 June 2021 22:31

Related items