May 03, 2024

තීන්දුවකට සැරසෙයි! විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී හෙට (08) දිනයේ පාර්ලිමේන්තුව කැඳවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ඇති.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි ආරංචි මාර්ග පැවසූවේ.

මේ සඳහා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ද සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(4 votes)
Last modified on Saturday, 24 July 2021 10:26

Related items