May 18, 2024

පියුමි, සරත් වීරසේකර ගැන කියන අලුත්ම කතාව

"චමුදිත මම බොහොම බැගෑපත්ව ඉල්ලන්නේ. කට පඩික්කම වගේ තිබ්බට බොරු කියවන්න එපා. මගේ කටත් හොඳ නෑනේ" මේ විදිහට චමුදිත සමරවික්‍රමට අනතුරු අඟවන්නේ පියුමි හංසමාලි.

පියුමි , චමුදිතට අනතුරු අගවන ගමන් බුදුදහමේ ඇති පාප කර්මයක් ගැන චමුදිතට මතක් කර දෙමින් කියන්නේ බොරු කීම ආනන්තරිය පාප කර්මයක් බවයි.

බොරු කියලා පව් පුරව නොගන්නා ලෙස පියුමි චමුදිතගෙන් අහිංසක ඉල්ලීමක්ද කරයි.

තව කාට හරි මොනවා හරි දැනගන්න ඕනනම් ඉල්ලීමක් කරන ලෙසද කියන ඇය පියුමි හංසමාලි හැමදාම ඇත්ත කතා කරපු කෙනෙක් බවද විශේෂයෙන් මතක් කර දෙයි.

සල්ලි දුන්නත් අපි බොරු කියන්නෙ නැති බව කියන පියුමි තමන් සරත් වීරසේකර කියලා ඇමති කෙනෙක්ව දන්නේ නැති බවත් කියයි.

ඔහුට මුල් වරට කතා කළේ බස් එකේ නිරෝධායනයට අරන් යන ගමන් බව කියන පියුමි එම අවස්ථාවද සම්බන්ධීකරණය කර දුන්නේ නීතිඥවරයෙක් බවද සදහන් කරනවා.

එහිදී සරත් වීරසේකර මහතාගෙන් මානුෂීය කරුණු කීපයක් සම්බන්ධයෙන් උදව් උපකාර ඉල්ලූ බවද පියුමි පවසනවා.

සරත් වීරසේකර මහතාගේ අලුත බැන්ද පුතා හා නවක ලේලිය සංචාර සීමා උල්ලංඝනය කරමින් තමාට බන්ඩාරවෙලට ඇඳුම් ගෙනැවිත් දුන් බවට චමුදිත බොරු පතුරුවන බවටද පියුමි චෝදනාවක්ද නගයි.

මේ දේවල් වලට උත්තර දිය යුත්තේ චමුදිත නොව බස් රථයේ ගමන් කළ පොලිස් නිලධාරීන් 13 දෙනා සහ ඔවුන් භාරව ගිය නිලධාරියා බවද පියුමි සඳහන් කරනවා.

පියුමි හංසමාලි යළිත් වතාවක් නිරෝධායන මධ්‍යස්ථානයේ සිට වීඩියෝ පටයක් නිකුත් කරමින් රටේ ජනතාව මෙසේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පියුමි මෙසේ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ චමුදිත සමරවික්‍රම යළිත් වතාවක් හිරු උදෑසන පත්තර වැඩසටහන අතරතුර පියුමි හංසමාලිට දැක්වූ ප්‍රතිචාරයට පිළිතුරු ලෙස.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 05 June 2021 21:55

Related items