කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගණන තවත් වර්ධනය වී තිබෙනවා.
කොවිඩ් ආසාදනය වූ නවතම මන්ත්‍රීවරයා වාර්තා වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්.
එම පෙරමුණ යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග වැදී පාර්ලිමේන්තු වරම් හිමිකරගත් කපිල නුවන් අතුකෝරාල මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුණාගෙන තිබෙනවා.
මේවන විට ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
ඒ අනුව මෙරට කොවිඩ් තෙවැනි රැල්ලේ දී මේවන තෙක් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 05ක්.
මරුතපාණ්ඩි රාමේෂ්වරන්, මුජිබර් රහුමාන්, සජිත් ප්‍රේමදාස සහ නලීන් බණ්ඩාර යන අය මීට පෙර ආසාදිත බවට හඳුණාගත්තා.
මෙම වෛරසයට පක්ෂ බේද, ආගම්/ජාති බේද හෝ සමාජ තත්ත්වය අදාළ නොවන බවට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොකුර ද කදිම නිදසුනක්.