June 01, 2024

කිළිනොච්චියේ පහර දීමකින් මිය ගිය අඹුසැමි යුවලක් ගැන සැකයක්

කිලිනොච්චිය මුලංකාවිල් පොලිස්වසමේ ජෙයපුරම් ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් පහරදීමක් හේතුවෙන් ඊයේ (26) දින මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.

ජෙයපුරම් පොලිස් වසමේ පිහිටි නිවසක මෙම සිදුවීම සිදුව තිබෙන අතර එහිදී සැමියා නිවසේදීම මිය ගොස් ඇති අතර බිරිඳ බරපතල තත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් මුලංකාවිල් පොලීසියෙන් කළ විමසීමේදී පවසා සිටියේ අදාළ පහර දීම වනඅලි පහරදීමකින් සිදු වූ බවට සැකපල කරන බවටත් මෙතෙක් අදාල පහරදීම නිශ්චිතවම ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.

අදාල සිදුවීමේදී මිය ගොස් ඇත්තේ මුලංකාවිල් පොලිස් වසමේ පදිංචි 48 හැවිරිදි බාලසිංහම් නගුලේස්වරන් සහ ඔහුගේ බිරිඳ වන අතර මුලංකාවිල් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි. 

(රොමේෂ් මධුසංඛ - වන්නිය)

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 May 2021 12:55