April 27, 2024

ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර සොරකම් කරලා

කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳ අනාවරණය වී තිබෙනවා.

එම රෝහලේ හෘද රෝග අංශ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්යය සහායකයෙකු මේ සම්බන්ධයෙන් ඊයේ (23) මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

ජාතික රෝහලේ වාට්ටු අංක 43 හි ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් දෙකක් සොරාගෙන ගොස් ඇති බවට එම වාට්ටුවේ සේවය කරනු ලබන සෞඛ්‍ය කාර්ය සහායකයකු පැමිණිල්ලක් කර තිබී ඇති අතර එම පැමිණිල්ලට අනුව සිදු කරන ලද විමර්ශනයේ දී අදාළ ඔක්සිජන් සිලින්ඩර් දෙක සමඟ සැකකරු රෝහල් පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සෞඛ්‍ය කාර්යය සහායකයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී එම සොරකමට සම්බන්ධ වූ තවත් සෞඛ්‍ය කාර්යය සහායකයෙකු පිළිබඳව ද අනාවරණය වී ඇති බවත් ඔහුව ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසනවා.

මේ අතර හදිසි බාහිර රෝගී අංශයේ හෙද නිලධාරිනියක් ද එම අංශයේ තිබූ ඔක්සිජන් සිලින්ඩරයක් ද සොරකම් කර ඇති බවට තවත් පැමිණිල්ලක් ද කර ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 May 2021 23:12