May 02, 2024

වරාය කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය කියලා නැහැ - අධිකරණ ඇමති

වරාය නගර විශේෂ ආර්ථික කලාපය අමුතුවෙන් ඇති කළ එකක් නොව ලෝකෙ මෙවැනි ආර්ථික කලාප ඕනෑතරම් තිබෙන බව අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා වරාය නගර කෙටුම්පත් විවාදයට එක්වෙමින් සදහන් කරන ලදි.

එහිදී ලෝක බැංකු වාර්තාවක තිබෙන සටහනක් උපුටා ගනිමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලෝකයේ වරාය නගරයේ වැනි විශේෂ ආර්ථික කලාප 5383 ක් 2019 වන විට තිබෙන බවත් ඒ අතරින් සමහර ඒවා සාර්ථක වූ බවත් සමහර ඒවා අසාර්ථක වූ බවත්ය.

ශ්‍රී ලංකාව තරග කරන්නේ කලාපයේ ආර්ථික බලවතුන් වන දකුණු කොරියාව , ඉන්දියාව , මැලේසියාව , ඩුබායි සමග පෙන්වාදුන් අමාත්‍යවරයා විපක්ෂය උත්සාහ කරන්නේ , බලාපොරොත්තු වන්නේ බිල්ලෙක් මවා එම රටවලට අනිසි වාසියක් ලබා දීම බවට චෝදනා කරයි.

වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන තීන්දුව විපක්ෂය කියවා බැලුවාදැයි ප්‍රශ්න කරන අමාත්‍යවරයා හරියට කියවා බැලුවා නම් විපක්ෂය ඉදිරිපත් කළ බොහෝ තර්ක ගෙන එන්නේ නැති බවද සඳහන් කළේ ඒ පිළිබඳ නීති විග්‍රහයක්ද කරමිනි.

රටේ යම් යම් දේවල් වලට සාපේක්ෂව ව්‍යවස්ථාවේ කිසිදු නීතියක් උල්ලංඝනය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන්ම ප්‍රකාශ කොට තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ ඊට විරුද්ධව නොව 129 වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන්නෙ උපදේශාත්මක අධිකරණ බලයක් බවට විශේෂ හෙළිදරව්වක් කරන එම විෂයභාර අධිකරණ අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්නේ අදාළ නීතිය යම් යම් වෙනස් කිරීම් කළ යුතුද යන්න බවද පෙන්වා දෙයි.

නීතිය පිළිබඳව සුළු අවබෝධයක් හෝ තිබෙන අයෙක් වරාය නගර පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රකාශ නොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 May 2021 13:28