May 02, 2024

අලි සබ්‍රි රුපියල් බිලියනයක් ඉල්ලයි

සිය කීර්ති නාමයට හානි කළ බව පවසමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් ආනන්ද ලැනරොයි නමැත්තෙකු වෙත එන්තරවාසියක් යවා තිබෙනවා.

පුවත්පත් සාකච්ඡාවකදී අසත්‍ය ප්‍රකාශයක් සිදුකොට තම කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙනුයි අධිකරණ අමාත්‍යවරයා මෙලෙස එන්තරවාසි යවා ඇත්තේ.

දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙසට එහි දැක්වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාය සඳහා වූ පුරවැසි සංවිධානය විසින් පසුගිය 10 වැනි දා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ඇති අතර අදාළ ප්‍රකාශය සිදු වී ඇත්තේ එය අතරතුර යි.

බලපිටිය මහාධිකරණයේ විභාග කරන නඩුවක විත්තිකරුවන්ට සාධාරණයක් කරන ලෙසට දැනුම් දෙමින් මහාධිකරණ විනිසුරුවරයා වෙත අධිකරණ ඇමැති අලි සබ්‍රි විසින් ලිපියන් ලබා දී ඇති බවට එහි දී සඳහන් වී තිබෙනවා.

එම ප්‍රකාශයෙන් තමන්ගේ කීර්තිනාමයට හානියක් සිදුව ඇති බවත් දින 14ක් තුළ රුපියල් බිලියනයක වන්දිය නොගෙව්වහොත් ආනන්ද ලැනරොයි නමැත්තාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් එන්තරවාසියෙහි සඳහන් වනවා.

Rate this item
(5 votes)
Last modified on Saturday, 15 May 2021 23:11