May 18, 2024

හර්ෂගේ අනාවැකියට ආණ්ඩු පැත්තේ කලබල

අද (19) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් විපක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පලකළ අනාවැකියක් මත සභාවේ උණුසුම් වාතාවරණයක් ඇති විය.

ආචාර්ය හර්ෂ ද සිල්වා සිය කතාව කථාව අතරතුර රාජපක්ෂලා මේ රටේ ජනපතිවරුන් වී අවසාන වීමෙන් පසු වෙන කෙනෙක් ජනපති වන බවත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාද ජනපතිවරයා වීමේ කැමැත්තෙන් සිටින බවත් අවධාරණය කරන ලදී.

එම අවධාරණය කිරීමේදී නාමල් රාජපක්ෂ මහතාට පෙර අපේ පැත්තෙත් කිහිපදෙනෙකු ජනපති වීමට සිටින බව සඳහන් කළ මන්ත්‍රීවරයා නාමල් රාජපක්ෂ මහතාට පෙර සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරයා වන බව සඳහන් කරන ලදී.

ඒ සමගම ආණ්ඩු පාර්ශවයෙන් මන්ත්‍රීවරයා වෙත විරෝධය එල්ල විය.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ පියා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සභාවේ සිටි සිටින ලදී.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 19 May 2021 13:02

Related items