May 17, 2024

"පෝට් සිටි පනතේ වගන්ති රැසක් ව්‍යවස්ථාවට පටහැනියි" - ශ්‍රේෂ්ඨාධිකරණය

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

එනිසා ඒවා සම්මත කර ගැනීමට විශේෂ බහුතරයක් අවශ්‍ය බව ද, ඇතැම් වගන්ති ජනමත විචාරණයකදී සම්මත විය යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට ඇති බව සඳහන්.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුව ඉදිරියේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙම පනතට එරෙහිව පෙත්සම් 19 ක් ගොණු කර තිබූ අතර ඊට සහාය පළ කරමින් ගොණු කොට තිබූ පෙත්සම් ගණන 13ක්.

පෝර්ට් සිටි ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (19) ආරම්භ වන අතර එය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 10:29

Related items