May 10, 2024

කැබිනට් ඇමැතිවරුන්ට කොන්ත්‍රාත් දීමේ ඵල විපාක ගැන ඇමැති ජොන්ස්ටන් කියයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු හැකි ඉක්මනින් අවසක් කිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු නිරීක්ෂණය සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

"අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අපි ඉක්මනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දැනුත් අපි ආවේ මේ ගැන අඩුපාඩු තියනව නම් බලන්න සහ ඉදිකිරීම් වැඩකටයුතු  සිද්ද වෙන්නෙ කොහොමද කියල බලන්න. මෙහි විශාල ප්‍රගතියක් තියෙනවා. මීරිගම සිට කුරුණෑගලට අපි ඉක්මනට වැඩ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්ත වශයෙන්ම එය නැවත නැවත ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙය සම්පූර්ණ පමා වුණේ එක්සත් ජාතික පක්ෂය විසින් තමන්ගේම කැබිනට් ඇමැතිවරුන්ට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ ඵල විපාක තමයි අද මේ ජනතාවට අත්විඳින්න සිදු වෙලා තියෙන්නේ. පසුගිය අවුරුදු පහ ඇතුලත ඔවුන් වැඩ කටයුතු කළේ ඒ ආකාරයටමයි. ඒ නිසා තමයි ජනතාව ඔවුන්ව පරාජයට පත් කළේ. අපි කිව්වා මුඩුබිමක් බවට පත් කරලා තියෙන රටක් අපි සංවර්ධනය කරා අරගෙන යනවා කියලා. අද මුළු ලංකාවම සංවර්ධනය වෙලා තියෙනවා. පාරවල් වගේම වැව් පන්දහක් අපි හදනවා. ඒ වගේම විවිධ ව්‍යාපෘති ගණනාවක් අද මේ කොවිඩ්  අර්බුදය පවතිද්දීත් ලෝකයේ ආර්ථිකය හෙලවිලා තිබියදීත් කරගෙන යනවා.

පසුගිය අවුරුදු පහ ඇතුලත ප්‍රශ්න නැතුව තිබියදීත් ඔවුන්ට මේ රට කරගෙන යන්න බැරි වුණා. කෝවිඩ් අර්බුදය තිබියදී වුණත් අපි මනා ලෙස කළමනාකරණය කර ගනිමින් මේ රට දැවැන්ත සංවර්ධනයක් කරා අරගෙන යනවා. ජනාධිපතිතුමා ඇතුළු රජය රාජ්‍ය නිලධාරින් සමග සමඟ එකතු වෙලා අපේ රට මෙහෙයවනවා. මේ රටට ආදරය කරන ජනතාව සමග එකතුවෙලා මේ රට හදන වැඩපිළිවෙළ කිසිසේත්ම අපි නතර කරන්නේ නැහැ. කොතරම් බාධා ආවත් ප්‍රශ්න ආවත් නොයෙක් මඩ ප්‍රචාර අරගෙන ගියත් ඒ කිසි දේකට අපි සැලෙන්නේ නැතුව ප්‍රබල විදිහට අපි මේ රට මෙහෙයවනවා වගේම සංවර්ධනය කරා රැගෙන යනවා. අපි මේ රටට ඡන්දය දුන් ඡන්දය දුන් ජනතාවගේ ඡන්දයට අගෞරව නොකර මේ රට සංවර්ධනය කරා රැගෙන යන බව මම පැහැදිලිව කියනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 May 2021 00:10

Related items