May 10, 2024

උදේ හවා බණ ඇහුවට වැඩක් නැහැ: ධර්මය නොදන්නා බෞද්ධයෝ ඉන්නේ - ඩයනා ගමගේ

මධ්‍යම රාත්‍රිය පසුවන තුරුත් මත්පැන් අලෙවිසැල් විවෘත කර තබන ලෙස තමන් කළ යෝජනාව සාධාරණීයකරණය සඳහා ඩයනා ගමගේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරිය කරුණු රැසක් ඉදිරිපත් කොට තිබේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මතයට අනුව බොන මිනිහා කොහොමත් බොන බවත් බෞද්ධ රටක් කියා එය නතර වී නොමැති බවත් ඇතමුන් ගෙදර මිනි බාර් පවත්වාගෙන යයි.

කාන්තාවන්ට හිංසනය කරන කෙනා කොහොමත් එය කරන බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරිය ජනතාව උදේ රාත්‍රී බණ පිරිත් ඇසුවාට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නැති ධර්මය නොදන්නා බෞද්ධයෝ සිටින බවටද චෝදනා කරයි.

තමන් කළ යෝජනාවෙන් බෞද්ධයන්ව මත්පැනට පුරුදු කරන්න හදන බවට සටහන් මුහුණු පොතේ තිබෙන බවද මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

ධර්මය හරි හැටි දන්නවා නම් ජනතාව මධ්‍යම ප්‍රතිපදාවේ සිට කටයුතු කළ යුතු බවත් අන්තයට යා යුතු නැති බවටද මන්ත්‍රීවරිය බෞද්ධයන්ට පණිවිඩයක් ලබා දෙයි.

තවමත් මත්පැන් අලෙවිහල් සම්බන්ධයෙන් තමන් කළ යෝජනාවට මහා සංඝරත්නයේ විරෝධයක් එල්ල වී නැති බවද මන්ත්‍රීවරිය අවධාරණය කරයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 April 2021 13:33

Related items