May 11, 2024

ඩයනාගේ ගංජා කතා වලට උත්තර දෙන්න මම බැඳිලා නෑ - ඇමති නාමල්

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ගංජා කතා වලට උත්තර දීමට තමා බැඳී නැති බව නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය ක්‍රීඩා විෂය ගැන කතා කරමින් ක්‍රීඩකයන්ගේ විනය නැතිවුන විට මත්ද්‍රව්‍යවලට යොමු වන බව ප්‍රකාශ කිරීමත් සමගි ජන බලවේගය මන්ත්‍රීවරයෙක් ස්ථාවර නියෝග යටතේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරන ලදී.

ඒ අනුව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඉකුත් 20 වෙනි දින පාර්ලිමේන්තුවේදී කතාවක් කරමින් යළිත් වතාවක් ගංජා වැවීම නීත්‍යානුකූල කරන ලෙස කළ ඉල්ලීම රාජපක්ෂ අමාත්‍යවරයා වෙත යොමු කළේ ඔහු ක්‍රීඩකයන් මත්ද්‍රව්‍යවලින් ගලවා ගැනීමේ වැදගත්කම ගැන කල කතාව හා ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ යෝජනාව ගැලපීම හේතුකොටගෙනය.

එම ප්‍රශ්නය තැකීමකට ලක් නොකොට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සදහන් කළේ තමන් ගංජා ප්‍රශ්න වලට උත්තර දීමට බැඳී නැති බව ය.

විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයට දෙවසරක් පිරීම නිමිත්තෙන් අද (21) පාර්ලිමේන්තු සභාගර්භය උණුසුම් මුහුණුවරක් ඉසිලීය.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 21 April 2021 12:51

Related items