May 17, 2024

රත්ගම රත් කළ ඝාතනය : දෙදරු පියාව කපා කොටා ඝාතනය කරලා

රත්ගම සිරිකදුරවත්ත ප්‍රදේශයේ දෙදරුපියෙකු තියුණු ආයුධයකින් කපා කොටා  ඊයේ (19) පස්වරුවේ දි  ඝාතනය කොට ඇති බව රත්ගම පොලීසිය පවසයි.

දෙපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය වී ඇති බවට මුලික විමර්ශනවලදි අනාවරණය වී ඇත.

මෙසේ ඝාතනය කොට ඇත්තේ වෙදසිංහආරච්චිගේ නිශාන්ත පුෂ්පකුමාර (41) නැමති සිරිකදුරවත්ත රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලීසිය පරික්ෂණ පවත්වයි. ඝාතනයට ලක්වු දෙදරුපියගේ මහෙස්ත්‍රාත් පරික්ෂණය අද (20) පැවැත්විමට නියමිතව තිබුණි.

Rate this item
(1 Vote)