April 28, 2024

"ආයතන ගණනාවක අඩුපාඩුකම් තියෙනවා" පිළිකාකාරක පොල්තෙල් ගැන ඇමැති ලසන්තගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා රේගුව විසින් මේ පිළිබඳව අවශ්‍ය කටයුතු රහස් පොලිසියේත් සහයෝගය ඇතුව කරගෙන යන බවත් දැනට ලැබි ඇති තොරතුරු අනුව පසුගිය දින වලදී සඳහන් කල ආකාරයට වෙළඳපොලට මෙවැනි අහිතකර පොල්තෙල් නිකුත් වී නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසිය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"මේ වන විට කන්ටේනර් 6ක් නැව්ගත කරලා අවසානයි. ශ්‍රී ලංකා රේගුව විසින් මේ පිළිබඳව අවශ්‍ය කටයුතු රහස් පොලිසියේත් සහයෝගය ඇතුව කරගෙන යනවා. දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව පසුගිය දින වලදී සඳහන් කල ආකාරයට වෙළඳපොලට මෙවැනි අහිතකර පොල්තෙල් නිකුත් වෙලා නැති බව වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ වැරදි කරපු සියලුදෙනාට උපරිමයෙන් දඬුවම් ලබා දීමටත් ඒ වගේම වෙළඳපොල තිබෙන පොල්තෙල් පිළිබඳව පාරිභෝගික අධිකාරිය දිගින් දිගටම පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. දැනට ලැබිලා තිබෙන තොරතුරු අනුව විශේෂයෙන්ම වෙළඳපොලේ පවතින පොල්තෙල් පිළිබඳව කිසිදු ආකාරයක ශරීරයට අහිතකර පොල්තෙල් නොමැති බවයි වාර්තා වෙලා තියෙන්නේ."

එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් මෙසේ ප්‍රශ්න කරන ලදී.

ප්‍රශ්නය - ඇමතිතුමා මෙතැනදී වැරැද්ද වැටෙන්නේ මොන ආයතනයටද?

පිළිතුර - ආයතන ගණනාවක මේකේ අඩුපාඩුකම් තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුවේ මේ ක්‍රියාවලිය පිළිබඳව. ඒක හැබැයි අද හෝ ගිය සුමානේ සිදු වුනු දෙයක් නෙවෙයි. දශක දෙක තුනක් තිස්සෙම සිදු වූ ක්‍රියාවලියක අඩුපාඩුකම් තමයි තියෙන්නේ. ක්‍රියාවලියක අඩුපාඩුකම් විදියට සියලුම රාජ්‍ය ආයතන වගකීම භාර ගත යුතුයි. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය, රේගුව, ප්‍රමිති ආයතනය ඇතුළු ඒ ආයතන සියල්ලක්ම වගකීම භාර ගත යුතුයි. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 April 2021 15:24

Related items