April 27, 2024

පොල්තෙල් ගැසට්ටුව ප්‍රමාද වීම පිටුපස තෙල් ආනයනකරුවෙක්?

ආනයනික පොල් තෙල් සඳහා වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට අවසර ලබා දෙන ගැසට් නිවේදනය අවලංගු කිරීමට දැනට මාස හතරකට කලින් ගත්තද එය මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි සමස්ත ලංකා පාරම්පරික පොලිතීන් නිෂ්පාදකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි කැදවුම්කරු බුද්ධිකද සිල්වා මහතා පෙන්වා දෙන්නේ මීට හේතු වී ඇත්තේ එක් ආනයනකරුවෙකු පොල් තෙල් නැවක් ගෙන්වා තිබීම බවය.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කළේ, 

"මේ තීරණය ගත්තේ මීට මාස 7කට කලින්. ඇයි මේ තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. මේ ගිය සති දෙක ඇතුළත එක ආනයනකරුවෙක් තෙල් නැවක් ගෙනාවා. ඒක විකුණලා ඉවර වෙනකම් මේ ගැසට් පත්‍රිකාව අල්ලගෙන ඉන්නවා." යනුවෙනි.  

ආහාර පනතේ එන නියෝගයක් අනුව පොල්තෙල් අංශු බිලියනයකට ඇෆලටොක්සීන් අංශු 30 ක් යන්න සලකා බැලෙන බැවින් වෙළෙඳපොලේ පොල්තෙල් භාවිතය සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි පොල් සංවර්ධන අධිකාරිය පෙන්වා දුනි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය ‍මෙලෙස අදහස් පළ කළේය.

"එතකොට රජයේ ආයතන දෙකක්, එක ආයතනයක් කියනවා යම් ප්‍රතිශතය 10යි. තව ආයතනයක් කියනවා යම් ප්‍රතිශතය 30යි කියලා. පාරිභෝගිකයා මුලා කරන්නේ ඇයි. ඒ කියන්නේ විෂ පොඩ්ඩක් කෑවට කමක් නැද්ද?" සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 April 2021 13:16

Related items