April 28, 2024

පොල් සංවර්ධන අධිකාරියේ වාර්තාව ආණ්ඩුව සඟවලා - විෂ පොල්තෙල් කතාවේ සුලමුල විජේදාස හෙළි කරයි (VIDEO)

අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් බවත් තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වූ පොල් සංවර්ධන අධිකාරියේ වාර්තාව ආණ්ඩුව විසින් සගවන බවත් පවසන ඔහු මෙම වරදට වගකිවයුතු නිලධාරීන් දේශපාලඥයන් සියලුදෙනාම එල්ලා මරා දැමිය යුතු බවද කියා සිටී.

මෙම වංචාවට රජයක් ලෙස පිළිතුරු ලබාදිය යුතු බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාට මේ දේවල් පවසා වැඩක් නැති බවත් ඔහුට පැවසුවා කියා කිසි දෙයක් වෙන්නේ නැතැයි ද තමන් පැවසූ කිසි දෙයක් ජනාධිපති විසින් නොකළ බව ද එහිදී කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 April 2021 12:52