April 27, 2024

ජනපති අපේ පක්ෂයේ කෙනෙක් නෙමෙයි : ආගන්තුකයෙක් - විජේදාසගෙන් අමුතුම කතාවක්

December 28, 2021

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වුවත් තමාට ජනපති විවේචනය කිරීමට අයිතියක් තිබෙන බව ජනාධිපති නීතිඥ , ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

මන්ත්‍රීවරයා එසේ සඳහන් කරන්නේ ඊට පදනම් වන හේතූන්ද සදහන් කරමින්.

ජනපතිගේ සාමාජිකත්වය

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ජනපතිවරයා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු නොවන ආගන්තුකයෙකු බවයි.

පොදු ජන පෙරමුණ ව්‍යවස්ථාවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින් නොව යටින් තිබෙන එකක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පක්ෂ ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින් තිබුණහොත් රටක් ගෙන යෑමට නොහැකි බවද සඳහන් කරමින්.

පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමාට මන්ත්‍රීවරයෙකු ලෙස මත දැරීමේ අයිතියක් ලබාදී තිබෙන බවත් ඔහු අනාවරණය කරනවා.

පාර්ලිමේන්තු වරප්‍රසාද

ඉන් මත දැරීමේ අයිතිය හා හා හෘද සාක්ෂියට එකඟව කතා කිරිමේ මූලික අයිතිවාසිකමක් තමාට ලබා දී තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පනත ගැනද සඳහන් කරමින්.

එම පනතින් තමාට පාර්ලිමේන්තුවේ ඕනෑම දෙයක් කීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් අධිකරණයේ ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි අයිතියක් තමාට ලබාදී තිබෙන බැවින් අධිකරණයේ ඇසීමට නොහැකි දෙයක් පක්ෂ විනය කමිටුවේ ඇසීමට පුළුවන්දැයි ප්‍රශ්න කරමින්.

එනිසා මේ ආකාරයට ජනපතිවරයා විවේචනය කිරීමට තමන්ට ඕනෑ තරම් අයිතියක් තිබෙන බවයි මන්ත්‍රීවරයාගේ මතය වන්නේ.

ජනාධිපති නීතිඥ , ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ කළ සාකච්ඡාවකදී ජනපතිවරයා විවේචනය කිරීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 December 2021 00:36

Related items