April 28, 2024

විෂ පොල්තෙල් ගෙන්වූ අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න - මහා සංඝරත්නය සිය මතය කියයි

පිළිකාකාරක අන්තර්ගත පොල් තෙල් මෙරටට ගෙන්වූ ව්‍යාපාරිකයින්ට තරාතිරම් නොබලා දඬුවම් පැමිණවීම සිදු කල යුතු  බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, කිසි විටෙකත් එවැනි පුද්ගලයින් ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවිය යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මෙසේ සඳහන් කරන ලදී.

“වස විෂ මුසුවු ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම පිළිබඳ ප්‍රශ්නය පිළිබඳ විවිධ සංවිධාන හා විවිධ පුද්ගලයින් වරින් වර කරුණු ඉදිරිපත් කළා. නමුත් කිසිදු බලධරයෙක් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගත්ත බවක් අපට පෙන්න නෑ. මෙවැනි පුද්ගලයින් සොයා නිසි දඬුවම් දෙන්න ඕනේ. මේ අය ආරක්ෂා කරන්න නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මොන තරාතිරමේ පුද්ගලයෙක් වුවත් මෙවැනි අකටයුතුකම් කරන පුද්ගලයින්ට නිසි දඬුවම් ලබාදිය යුතු බවයි මේ රටේ මහා සංඝරත්නයේ මතය.“

Rate this item
(0 votes)
Last modified on Monday, 05 April 2021 14:59

Related items