April 28, 2024

පිළිකාකාරකය තවත් ආහාර රැසක - හෙලි කලහොත් සමාගම් කඩා වැටෙයි : ප්‍රමිති ආයතනයේ ප්‍රධානියා කියයි (VIDEO) Featured

ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක ඇෆ්ලටොක්සීන් වැනි පිළිකාකරක ඇතුළු ශරීරයට අහිතකර රසායනික අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආචාරය සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසයි.

කෙසේ නමුත් එම ආහාර වර්ග මොනවාද, ඒවා ගෙන්වන සමාගම් මොනවාද යන්න ප්‍රසිද්ධියේ සඳහන් කළ නොහැකි බවත් එසේ වුවහොත් නිෂ්පාදන සමාගම්, ආනයන සමාගම් සම්පූර්ණයෙන් කඩා වැටෙන බව ඇය පෙන්වා දෙයි.

ප්‍රමිති ආයතනය ලෙස තම ආයතනයට සිදුකළ හැක්කේ අහිතකර දෑ අඩංගු ආහාර හඳුනා ගැනීම හා එවැනි ආහාර ආනයනය කරන ආයතනවලට අඩුපාඩු නිවැරදි කර ගන්නැයි දැනුම් දීම බවද සිද්ධිකා සේනාරත්න මහත්මිය සඳහන් කරයි.

පොල්තෙල් ආනයනය කරන සමාගම් කිහිපයක් ක්‍රියාත්මක වන නමුත් ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය හිමිව ඇත්තේ ඉන් එක් සමාගමකට පමණක් බවත්, එම සමාගම ගෙන්වන පොල්තෙල් සම්පූර්ණයෙන් ශරීරයට හිතකර බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවත් ඇය පවසයි.

ශරීරයට අහිතක දෑ අඩංගු ආහාර හඳුනාගෙන ඒවා ප්‍රතිඅපනයනය කිරීම දිගු කලක සිට සිදුවන දෙයක් වන නමුත් ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් නිර්මාණය වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම නිසා බවද ඇය පවසයි.

මේ අවස්ථාවේදී පමණක් එසේ සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ මැදිහත්වීමක් සිදු කළේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුවක් බවයි සේනාරත්න මහත්මිය පෙන්වා දෙයි.

හිරු නාලිකාව සමගින් සාකච්චාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 04 April 2021 20:51

Related items