May 10, 2024

ඩයනා පරල වෙයි : මට ගණිකාවක් යැයි කියූ ඔබේ පක්ෂයේ ඇති විනය කුමක්ද ? සජිත්ගෙන් ප්‍රශ්න කරයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු සමාජය වෙනුවෙන් සත්කාරක යුතුකම් ඉටු කළ මවක් වන තමාට ගණිකාවක් ලෙස හැඳින්වූ ඔබේ පක්ෂයේ තිබෙන විනය කුමක්දැයි විමසමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවා තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල් කොටගෙන තමාට මේ ආකාරයට ඇමතීමට තරම් පහත් තත්ත්වයකට ඇද වැටීම පක්ෂයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ආ ඔබතුමා මෙන්ම පක්ෂයේ ලේකම් සහ සාමාජිකයන්ද ලැජ්ජාවට පත්විය යුතු කරුණක් බවද ගමගේ මන්ත්‍රීවරිය එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

2021-3-29 එනම් ඉකුත් සඳුදා දින දාතමින් පාර්ලිමේන්තු ලිපි ශීර්ෂය යටතේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සජිත් ප්‍රේමදාස මහතා වෙත මෙසේ ලිපියක් යවා තිබෙන්නේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් චූදිකාවක් ලෙස නම් කරමින් ගමගේ  මන්ත්‍රීවරිය වෙත යොමු කොට ඇති ලිපියකට පිළිතුරු සපයමිනි.

සිය ලිපිය ආරම්භයේදීම සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය උසුලන සමග ජන බලවේග පක්ෂය අප පක්ෂය නමින් ගමගේ මන්ත්‍රීවරිය හඳුන්වා තිබේ.

අප පක්ෂයේ විනය කමිටුවක සභාපති වරයෙක් ලෙස හඳුන්වන පුද්ගලයෙකු විසින් චෝදනා පත්‍රයක් යැයි දැක්වූ සටහනක් තමා වෙත එවා ඇති බව එම ලිපියේ සඳහන් කර තිබෙන්නේ ලිපිය යොමු කළ පුද්ගලයා උපහාසයටද ලක් කරමිනි.

එහි සඳහන් වන කරුණ වන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙවරක් භාවිතා කිරීම විනය කඩ කිරීමක් බව සිය ලිපියෙන් පෙන්වා දෙන ගමගේ මන්ත්‍රීවරිය තමාද සම්බන්ධ වී සකස් කළ අපගේ පක්ෂ ව්‍යවස්ථාවේ එවැනි විනය කරුණක් අඩංගු වන්නේද යන්න විමසා බලන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමක්ද කර තිබේ.

තමා වෙත එවන ලද විනය සම්බන්ධයෙන් වූ ලිපියේ විනය කඩ කිරීමට අදාල කරුණු සැකෙවින් සඳහන් කොට නොතිබීම මෙම කරුණු දැක්වීමට හේතු වූ බවද මන්ත්‍රීවරිය සිය ලිපියේ සඳහන් කොට තිබේ.

මින් ඉදිරියට මෙවැනි විහිළු සහගත ලිපි විනය කරුණු යැයි සඳහන් මාතෘකා යටතේ තමා වෙත ලැබුනහොත් ප්‍රසිද්ධියේ හෙළි කිරීමට නොහැකි තමා සතුව තිබෙන තොරතුරු ලංකාවේ මාධ්‍ය වෙත ලබාදී සත්‍යය හෙළි කිරීමට සිදුවන බවත් නෛතික තත්වයන් යටතේ අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සිදු වන බවටද ගමගේ මන්ත්‍රීවරිය සිය ලිපියෙන් සජිත් ප්‍රේමදාස මහතාට අනතුරු ඇඟවීමක්ද කොට තිබේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සජිත් ප්‍රේමදාස මහතා වෙත යැවූ ලිපිය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 02 April 2021 10:17

Related items