May 13, 2024

සැකකටයුතු පොල්තෙල් කන්ටේනරයක් දඹුල්ලේ - ගබඩා කිරීමටත් අවසර නැහැ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක තිබු විදේශ රටකින් ගෙන්වන ලද පොල්තෙල් කන්ටේනරයක් පොලීසිය සිය භාරයට ගනු ලැබිය.

මෙම කන්ටේනරයේ පොල්තෙල් ලීටර් 28,000කට අධික ප්‍රමාණයක් පවතින බවට බලධාරීන් අනාවරණය කරගෙන ඇත.

එහෙත් මෙම තෙල් තොගය ප්‍රවාහනයට, ගබඩා කිරීමට හෝ මිනිස් පරිභෝජනයට සුදුසු ඒවාද යන්න පිළිබඳව කිසිදු අවසර පත්‍රයක් එහි සිටි පුද්ගලයන් සතුව තිබී නොමැත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

පසුගියදා පාරිභෝගික අධිකාරිය මගින් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි පොල් තෙල් අලෙවි කරන ස්ථානයක් මේ ආකාරයෙන් මුද්‍රා තබා තිබිණි. එම පොල් තෙල් ගබඩාව ද හිමිකරු මෙම පොල්තෙල් තොගය ගෙන්වා ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

Rate this item
(0 votes)

Related items