May 13, 2024

පොල්තෙල් වලට "තරු" දෙන්න යයි

පොල්තෙල් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇති පසුබිමක පසුගියදා දංකොටුවෙන් පොල්තෙල් බවුසර් දෙකක් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙවන් පසුබිමක් තුළ පාර්ශව කිහිපයක්ම චෝදනා කරනු ලැබුවේ පිළිකාකාරක පොල්තෙල් වෙළඳපොළට නිකුත් වී ඇති බවය.

දංකොටුව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් මුද්‍රා තබන ලද පොල් තෙල් බවුසර් දෙකට මුද්‍රා තබන ලද්දේ රේගුව නොවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි.

පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ එම බවුසර් මුද්‍රා තබා තිබුණු අතර පොලීසිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රේගුව විසින් එහි මුද්‍රා තබා ඇති බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා එම බවුසර් ඊයේ (31) පෙරවරුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේවෙතත් ඇසුරුම් කළ පොල්තෙල් පමණක් වෙළඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට, පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

එහි අධ්‍යක්ෂ පියසේන එදිරිමාන්න මහතා සඳහන් කළේ ඇසුරුම් නොකළ පොල්තෙල් වෙළඳපොළේ අලෙවි කිරීම හේතුවෙන් ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇති බවයි.

ප්‍රමිතියෙන් යුත් ඇසුරුම් කළ පොල්තෙල් සඳහා තරු සලකුණු ලබා දීමේ ව්‍යාපෘතියක් ද මේ වනවිට ක්‍රියාත්මක බව පියසේන එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 April 2021 14:41

Related items