May 19, 2024

කොස්තාපල්ගේ මොලේ අවුල්දැයි බලන්න මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවයි

රියදුරෙකුට මහමගදී අමානුෂික ලෙස පහර දුන් පොලිස් කොස්තාපල්වරයාගේ මානසික තත්වය පරික්ෂා කිරීම සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ.

මහරගම පොලිසියට අනුයුක්තව සේවය කළ අදාළ පොලිස් කොස්තාපල්වරයා පන්නිපිටිය ප්‍රදේශයේ දී කළ මෙම පහරදීම හේතුවෙන් එළැඹෙන 5වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ.

මහරගම පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපතිව ඉකුත් සදුදා හප්පගෙන ගිය ලොරි රථ රියදුරෙකුට අදාළ පොලිස් කොස්තාපල්වරයා සහ අවට සිටි පිරිස මෙසේ පහර දුන් බව වාර්තා වේ.

ඒ අවස්ථාවේ අවට සිටි පුද්ගලයකු එම පහරදීම වීඩියෝ ගත කොට සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින ලද අතර එය මේ වන විට සමාජයේ ආන්දෝලනයක් ඇති කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 March 2021 13:45