May 19, 2024

පන්නිපිටියේ දී පොලිස් නිලධාරියාගෙන් රෙස්ලින් පහර කෑ රියදුරුට ඇප

පසුගිය සඳුදා (29) දිනයේ දී මහරගම, පන්නිපිටිය මංසන්ධියේ දී පොලිස් නිලධාරියෙකු අතින් අමානුෂික ලෙස පහර කෑ ලොරි රථ රියදුරා හට ඇප ලැබී තිබේ.

ඊයේ (30) දිනයේදී  නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට මෙම රියදුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ අදාළ රියදුරුගේ බලපත්‍රය අහෝසි කරන ලෙසද අධිකරණය දැනුම් දී තිබේ. 

ඒ අනුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මෙම රියදුරු මුදා හැර තිබේ.

පහර දීම සිදු කළ පොලිස් නිලධාරියා ලබන අප්‍රේල් මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මෙහිදී අධිකරණය නියෝග කර ඇතැයි සඳහන්.

වසර 29ක සේවා කාලයක් ඇති අදාළ නිලධාරියාගේ සේවයද මේ වන විට අත්හිටුවා තිබේ.

Rate this item
(0 votes)