May 19, 2024

පුද්ගලයෙකුට අමානුෂිකව පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

පන්නිපිටිය ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගයේදී පුද්ගලයෙකුට පහර දුන් පොලිස් නිලධාරියා මහරගම පොලිසියට අනියුක්තව සේවය කළ අයෙකු බවත් එම නිලධාරියාගේ වැඩ තහනම් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් දෙපාර්තමේන්තුව එම පහර දීම කිසිසෙත් අනුමත නොකරන බවද එම පොලිසියේ ඉහළ නිලධාරියකුගේ රථය අනතුරට ලක් කළ ලොරි රථ රියදුරකුට එම පොලිස් නිලධාරියා මෙලෙස පහරදීම සිදු කර ඇති බවද අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අද සමාජ ජාල ඔස්සේ මහත් කැලඹීමක් ඇති කළේය.

පන්නිපිටියේ මාර්ගයක රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු බිම ඇදවැටුණු පුද්ගලයකු මත නැගී ඔහුට පහර දෙන ආකාරය දැක්වෙන එම වීඩියෝව අද පස්වරුවේ සිට සමාජ ජාලා ඔස්සේ සංසරණය වුණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 March 2021 20:56