May 19, 2024

රියදුරෙකුට පහර දුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ දී ලොරි රථ රියදුරකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්කර සිටින මහරගම පොලිසියේ රථවාහන අංශය කොස්තාපල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීමේ සිද්ධියක් මුල් කරගෙන සැකකාර කොස්තාපල් මෙම ලොරි රථ රියදුරුට පහර දී ඇතැයි පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)

Related items