May 14, 2024

විෂ පොල් තෙල් පන්සල් වලට දෙන්න - ඒකෙන්වත් පිනක් ලැබෙයි

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගෙනා පොල්තෙල් විස සහිත පොල් තෙල් බවත්, සිංහලයා සහ හින්දු මිනිසුන් මැරෙීමේ සංකල්පයෙන් මේවා රැගෙන විත් ඇති බවත් ජනසෙත පෙරමුණේ සභාපති පුජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් පවසයි.

එසේ හෙයින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පොල්තෙල් ආනයනය කරන ලද අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටී.

එමෙන්ම මෙම පොල්තෙල් පරිභෝජනයෙන් වළකින ලෙසත් එම පොල් තෙල් වර්ජනය කරන ලෙසත් උන්වහන්සේ කියා සිටී.

උන්වහන්සේ මෙම අදහස් පළ කලේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී උන්වන්සේ මෙසේ ද අදහස් දැක්විය.

"එළඹෙන සිංහල හා දමිල අවුරුද්දට ගෙනාවා පොල්තෙල් ටිකක්. ඒ පොල්තෙල් වස විස ඇති පොල්තෙල්. සිංහලයත්, හින්දු මිනිස්සුත් මරන්න සංකල්පයක් මේ ගෙනාවේ. එසේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ පොල්තෙල් ගෙන්වපු අය අත්අඩංගුවට අරගෙන නිතිය ක්‍රියාත්මක කරලා වහාම නතර කරන්න. ගන්නට යන්න එපා. මේ තෙල් වර්ජනය කරන්න කරුණාකරලා. මේ තෙල් ගත්තොත් එහෙම මේ ඉතා අහිංසක අම්මලා, තාත්තලාගේ දුප්පත් දරුවෝ, ඒ වගේම මේ අම්මලා, තාත්තලා ඉදිරි කාලයේදී මේ ශරීරයේ රෝග ලක්ෂණ ඇති වෙලා මැරිලා යන්න පුළුවන් වෙනවා. එතකොට මේවට වගකියන්නේ කවුද? මේවට ඊට පස්සේ වගකියන්න ඕනේ රජය. රජය දැන් තේරුම් ගන්න මේ කුණු පොල්තෙල් ගෙනාවේ කවුද? කුණු පොල්තෙල් ගන්න ඉඩ දුන්නේ කවුද? මේ පොල්තෙල් ගේන එකේ ඩිල් එක කීයක් ගියාද? නැත්තම් මේ වගේ ප්‍රමිතියක් නැති තෙල් ගේනවා නම් යම් කෙනෙක්ගේ, එක්කෝ ඇමති කෙනෙක්ගේ, එක්කෝ මන්ත්‍රී කෙනෙක්ගේ. රජයේ සම්බන්ධ විය යුතුයි කවුරු හරි. යම් කෙනෙක් සම්බන්ධ නොවුනා නම් මේ මිනිස්සු මේ කුණු පොල්තෙල් ගේන්නේ නැහැ. එසේ නම් මේ කුණු පොල්තෙල් විකුනන්න යන්න එපා. සියලුම වෙහෙර විහාරස්ථාන වලට පුජා කරන්න. උදේ හවා පහන් පත්තු කරන්න. ආන් ඒකෙන් හරි පිනක් ලැබෙයි."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 March 2021 18:17

Related items