May 14, 2024

විෂ පොල්තෙල් ගෙන් වූ අයට දඩ විතරයි - ඒ වෙනකොට විෂ කෑමත් කාලා ඉවරයි

ඇෆ්ලටොක්සීන් නමැති ප්‍රභල පිළිකා කාරකය අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් වෙළඳපොළට නිකුත් වී ඇති බවට පාර්ශව කිහිපයක් විසින් චෝදනා එල්ල කරන ලදී.

මෙරටට ගෙන්වන ලද පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තහවුරු කළේය.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පරීක්ෂණ අවසන් වන තෙක් පාරිභෝගික සේවා අධිකාරිය යටතේ රඳවාගෙන තිබූ අදාළ තෙල් තොග ඇතුලත් කන්ටේනර ශ්‍රී ලංකා රේගුව විසින් නැවත හරවා යවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය යන අය රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් අදහස් දැක්විය.

දඬුවමක් ලෙස පොල්තෙල් ආනයනකරුවන්ගේ ආනයන බලපත්‍රය තහනම් කිරීම සිදු කල හැකිද? පරිභෝජනය සඳහා ගනු ලබන භාණ්ඩ ආනයනයට පෙර පරික්ෂාවට අනුමැතිය ලබා දී තිබෙනවද? ඉස්සරහටත් මෙහෙම ආවොතින් මොකද කරන්නේ? ඉස්සරහටත් මෙහෙම වගකීමක් නැතුව යවනවද? යන්න සඳහා පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා මෙසේ සඳහන් කළේය.

"තහනම් කිරීමේ හැකියාව තියෙනවා. පසුගිය වකවානුව තුළ ආනයනකරුවන්ට විරුද්ධව අරගෙන තියෙන ක්‍රියාමාර්ග ඉතා ලිහිල් ක්‍රියාමාර්ග හැටියට තමයි මම දකින්නේ. මේක හොඳ අවස්ථාවක් මේ සම්බන්ධව චෝදනා කරන ලද සහ විවේචනය කරන ලද සෑම කෙනෙක්ටම මම ස්තූතිවන්ත වෙනවා. මොකද දැන් පැහැදිලි වටපිටාවක් හැදිලා තියෙනවා. නිත්‍යානුකුලව කටයුතු කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව ආනයනකරුවන්ට විරුද්ධව ඇති අහිතකර ද්‍රව්‍යයන් ගැනීම සම්බන්ධයෙන්." 

මිනිස්සුන් කන ආහාරවලට විෂ සම්බන්ධ දේවල් දෙන අයට දඬුවම් දෙන්න ඕනේ කියලා. දැන් ලංකාව චීනෙන් වගේ ගොඩක් උපදෙස් ගන්න හින්දා චිනේ නම් මේ වගේ දෙයක් වුණාම අදාළ ආයතනය තහනම් කරලා ඒ අයට දඬුවම් දීලා සමහර වෙලාවට එල්ලා මරණ තත්වයටම යනවා කියලා කියන්නේ? ලංකාවේ වැඩපිළිවෙල මොකක්ද?  යන්න සඳහා පිළිතුරු දෙමින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ සඳහන් කළේය.

"අනිවාර්යයෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් ආයතනයක්, වෙළඳපොළට හෝ නිෂ්පාදනයට යොමු කරලා තිබෙනවා නම් දැනට අපේ රටේ පවතින නීති රීති අනුව ගත හැකි උපරිම දඬුවම ලබා දීමට අනිවාර්යයෙන්ම රජය කටයුතු කරනවා. ඒ වගේම මේ වන විට පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනයට ලක් කරමින් පවතිනවා. විශේෂයෙන්ම අද මෙවැනි අවස්ථාවලදී පාරිභෝගික අධිකාරිය ය‍ටතේ ලබා දිය යුතු දඬුවම් කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපිට පාලනය කරන්න පුළුවන්කමක් නැහැ. ආනයනය කරනු ලබන භාණ්ඩ සම්බන්ධයෙන් එච්.එස්.කෝ 5000කට විතර ආසන්න ප්‍රමාණයක් තිබෙන බව අපට අනාවරණය වෙලා තියෙනවා. දැනට රාජ්‍ය ආයතන 40කට ආසන්න ප්‍රමාණයකින් දැනට 1200ක් විතර තමයි බලන්නේ. එතකොට අපේ රටට 3000ක් ගාණක් එනවා කිසිදු බැලීමක් නැහැ. මේ රටේ තත්වේ මේකයි. අපි මේක රටට කියන්න ඕනේ."

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය මෙසේ අදහස් දැක්විය.

"අහුවුනා කියමුකෝ ඔහොම දාලා තියෙකොට විකිණුවා කියලා. එතකොට මෙතුමාලා ලොකු දඩයක් ගහනවා. සෑහෙන්න ලොකු එකක්. ලක්ෂ ගානක මිලියන් එකක විතර දඩයක් ගහනවා. ඒ වුණාට ඒ වෙනකොට අර වස විස තියෙන කෑම කාලා ඉවරයි. මිනිස්සුන්ට ගිහිල්ලා ඉවරයි. ඒ හින්දා මම හිතන්නේ ලොකු දඬුවම්, ඒ කියන්නේ මරණ දණ්ඩනය හරි මොනවා හරි ඒ පැත්තෙන් හිරේ යන එකක්වත් නැහැ. දඩයක් විතරයි. ඒක ලොකු එකක් තමයි. මම කියන්නේ ඒ වෙනකොට දඩයක් ගෙවුවට මිනිස්සු කාලා ඉවරයි. ඒක ගෙවන්න පුලුවන් කට්ටිය ඒක ආයේ කරනවා. අර වගේ දඬුවම් හඳුන්වලා දුන්නොත් ඕක නවත්තන්න ඉඩ  තියෙනවා."

"පහුගිය කාලය තිස්සෙම සිදු වන දෙයක්. මොකද මේ ආඥා පනත් වලට යටත්වනේ සෑම දෙයක්ම කරන්නේ. නීති සිදුවෙන්නේ පංඅව්ලාඅ තියෙන අඥා පනත්වලට යටත්ව. රේගු අඥා පනතෙත් තියෙන්නේ ඔය දැඩි දඬුවමක් හැටියට රේගු අඥා පනතේ හැටියට දඬුවම් කලොත් එහෙම විශාල දඩයක් ගහලා ඔහුව ප්‍රතිඅපනයනය කරන්න සලස්වනවා. මොකද මෙතන තියෙනවා මේක පරිභෝජනය සඳහා නිකුත් කළා නම් දැන දැන ගෙනාවා නම් පරිභෝජනය සඳහා නිකුත් කරනවා නම් අන්න එතන අපරාධයක් වීමේ හැකියාවක් තියෙනවා. මේ චේතනාව පදනම් කොට ගෙන අපේ ආඥා පනතෙන්  ඔබ්බට ගිහින් ඔවුන්ට නීතියේ හැටියටට කටයුතු කිරීමේ හැකියාවක් මම හිතන්නේ ඇමතිතුමා තියෙනවා." ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 March 2021 18:06

Related items