May 12, 2024

ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක ඇති බව යළිත් තහවුරු වෙයි

ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් වල සාම්පල යලිත් පරික්ෂා කිරීම මේ වන විට ආයතන කිහිපයක් මගින් සිදු කෙරේ.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය විසිනි.

මෙලෙස සාම්පල යලි පරික්ෂා කිරීමක් සිදු වන්නේ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් රිෆයිනරිස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස්, කටාන රිෆයිනරිස් යන ආනයනික සමාගම් විසින් සිදු කරන ලද අභියාචනා සැලකිල්ලට ගනිමිනි.

කෙසේවෙතත් මින් එක් සමාගමක සාම්පල දෙවන වර පරික්ෂාවේදීත් ඇෆලටොක්සීන් නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ව පරීක්ෂණ වාර්තා අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන සඳහන් කරයි.

මෙරටට ගෙන්වන ලද පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තහවුරු කරයි.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පරීක්ෂණ අවසන් වන තෙක් පාරිභෝගික සේවා අධිකාරිය යටතේ රඳවාගෙන තිබූ අදාළ තෙල් තොග ඇතුලත් කන්ටේනර ශ්‍රී ලංකා රේගුව විසින් නැවත හරවා යවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

රේගුව විසින් මෙම පොල්තෙල් තොග ගුදම්වල තබා ගන්නා ලෙස දැනුම් දී තිබිය දී යම් ආයතනයක් ඊට පරිබාහිරව කටයුතු කර නිෂ්පාදන ක්‍රියාවලියට ගෙන තිබේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 March 2021 12:45

Related items