May 12, 2024

පිළිකා කාරක පොල්තෙල් ගෙන්වූ සමාගමක් දෙවන පරීක්ෂණයත් අසමත්

පිළිකා කාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ සමාගමක්, එම තෙල් සාම්පල දෙවන තත්ව පරීක්ෂාවේදී ද අසමත් වී තිබෙන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කර තිබේ.

ඇෆලටොක්සීන් පිළිකා කාරකය ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ත්ව පරීක්ෂණ වාර්තා අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේය.

මේ අනුව අදාළ සමාගමට අදාළ තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇත.

එසේම තවත් සමාගම් 03ක තෙල් සාම්පල දෙවන පරීක්ෂාව සඳහා අභියාචනාකර ඇති අතර ඒවායේ වාර්තා හෙට (29) ලැබීමට නියමිතය.

එම ප්‍රභල පිළිකා කාරකය අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල්වල සාම්පල යළි පරීක්ෂා කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හා කාර්මික තාක්ෂණ ආයතනය විසින් එම පරීක්ෂාවන් සිදුකරමින් සිටියි.

Rate this item
(0 votes)

Related items