May 12, 2024

පිළිකා කාරක පොල්තෙල් ආහාරයට ගැනීමෙන් වෙන දේ මෙන්න - වෛද්‍යවරු අනතුරු අඟවයි Featured

පිළිකා කාරක "ඇෆලටොක්සීන්" ආහාරයට එක්වුවහොත් වැඩිහිටියන්ට වඩා කුඩා ළමයින්ට දැඩිව බලපෑ හැකි බවත් එය සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර දෙයක් බවත් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව අක්මාවේ පිළිකා තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවත් කුඩා දරුවන්ගේ වර්ධනයට පවා එම පිළිකා කාරකය බලපෑම් ඇතිවිය හැකි බවත් පෙන්වා දෙන වෛද්‍යවරයා කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාලයක් ශරීරගත වුවහොත් හෝ කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ ශරීරගත වුවහොත් ඉන් හානියක් විය හැකි බවත් පෙන්වා දෙයි.

පිළිකා කාරක පොල්තෙල් සම්බන්ධයෙන් ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසූවේ වෙළෙඳපොලට ගොස් ගන්නේ පොල්තෙල් නොව වස බවයි.

"පොල්තෙල් සහ මී තෙල් තමයි අපිට තිබුණු වටිනාම තෙල් වර්ග දෙක. බටහිර ජාතීන් පොල්තෙල් හොඳ නෑ කියලා ලොකු වැඩසටහනක් ගෙනිච්චා. අපේ හිටපු හෘද රෝග වෛද්‍ය ඩී.පී. අතුකෝරාළ මහත්තයා ලොකු සටහන් තනිව කළා අපි ඉස්කෝලේ යන කාලේ, පොල්තෙල් හදවත් රෝගවලට හොඳයි කියලා කියන්න. කියලා කියලා එතුමා දිනුවා. දැන් පොල්තෙල් හොඳයි කියලා මුළු ලෝකෙම පිළිගන්නවා. නමුත් කඩේ විකුණන පොල්තෙල්වලින් 80%ම පොල්තෙල් නෙමෙයි." යැයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙයි.

මේ අතර පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වී ඇත්දැයි සෙවීම සඳහා දිවයින පුරා පොල්තෙල් අලෙවිකරන ස්ථාන 100කින් පමණ සාම්පල ලබාගෙන පරීක්ෂාවට යොමුකරන බව වෙළෙඳ අමාත්‍යාංශය පැවසීය. 

පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන තිබේ.

සමස්ථ ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පසුගියදා චෝදනා කළේ ආනයනය කළ පොල්තෙල් බහලුම් 13ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් තහවුරු කර තිබියදී එය අදාළ ආයතන වෙත මුදා හැර ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 March 2021 02:14

Related items