May 11, 2024

පිළිකා කාරක පොල්තෙල් තොගය දෙවැනි වරටත් පරීක්ෂා කරයි

ඇෆලටොක්සීන් නැමැති ප්‍රබල පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කළ පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් 183,000ක් අඩංගු බහාලුම් දහතුනක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවට පාර්ශව කිහිපයක් පසුගියදා හෙළිදරව් කරන ලදී.

කෙසේ වෙතත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ තත්ත්ව පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු එම බහාලුම් නිදහස් කර තිබුණේ අදාළ සමාගම් වල ගුදම් වෙත පමණක් වන අතර පසුගිය මාර්තු 4 වනදා එම වාර්තා ලැබීමත් සමඟ ඒවා ප්‍රති ප්‍රතිඅපනයනය කරන්නයි එදිනම දැනුම් දුන් බවයි.

අදාළ තෙල් ආනයනය කරන සමාගම්වලින් පසුගිය සතියේ ලැබුණු අභියාචනා මත දෙවැනි වරටත් පරීක්ෂණ කිරීම සඳහා රජයේ පිළිගත් රසායනාගාරයක් වෙත යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සඳහන් කළේය.

ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ වාර්තා ලැබීමට නියමිතය.

එමෙන්ම අදාළ පොල්තෙල් සාම්පල වැඩිදුර පරීක්ෂණ කිරීමට කාර්මික තාක්ෂණ ආයතනය වෙත ලබා දෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී සඳහන් කරන ලදී.

එමෙන්ම පාරිභෝගික අධිකාරිය විසින් අදාළ පොල්තෙල් තොගයේ සාම්පල වැඩිදුර පරීක්ෂාව සඳහා අද පෙරවරුවේ කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කර තිබේ.

මේ වන විට ඊට අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බව එහි අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය රාදිකා සමරසේකර මහත්මිය සඳහන් කළාය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 March 2021 21:49

Related items