May 10, 2024

දිගින් දිගටම පොල්තෙල් ආනයනය කරනවා - පොල් ඇමතිගෙන් ප්‍රකාශයක් (VIDEO)

විෂ පොල් තෙල් බිඳක්වත් එළියට ගිහින් නොමැති බවත් දිගින් දිගටම පොල්තෙල් මේ විදිහට අපේ රටට ආනයනය කරන බවත් පොල් වගා ප්‍රවර්ධනය හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

මෙරටට ලාභදායී පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හේතුවෙන් එම පොල්තෙල්වලින් සියයට 40 ක පමණ ප්‍රතිශතයක් විෂ රසායනික ද්‍රව්‍යවලින් සමන්විත බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂ ජනපති කොමිසම් වාර්තාව පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"සාමාන්‍යයෙන් මතය තමයි ගරු කතානායකතුමිනි, ඇෆලටොක්සින් කියන එක රිවයින්ඩ් කරපුවම ඉවත් වෙනවයි කියන කාරණාව. නමුත් මේ ගෙනල්ලා තියෙන පොල්තෙල් තොගය තුළ විශාල ප්‍රතිශතයක් ඇෆලටොක්සින් තියෙන නිසා ඒක සම්පූර්ණයෙන්ම පිරිපහදු කළත් ඒක යන්නේ නැති නිසා ඒ වාර්තාව එවලා තියෙනවා. ඒ නිසා මාර්තු 4 වැනිදා ඒක ප්‍රතිඅපනයනය කරන්න කියලා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වලා තියෙනවා. කිසිම එකක් එලියට ගිහිල්ලා නැහැ. දිගින් දිගටම පොල්තෙල් මේ විදිහට අපේ රටට ආනයනය කරනවා. මේ ආනයනය කරන අය කියනවා අඩුවට තියෙන එකක් එවන්න කියලා. එහෙම එවන්න එහෙ ඉන්න අය කරන දේ තමයි සියයට 60ක් පොල්තෙල් දාලා සියයට 30ක් විෂ සහිත කෘතිම තෙල්වර්ග දාලා තවත් සියයට 10ක් එකතු කරනවා පොල්තෙල්වල සුවඳ. පිරිපහදු නොකරන පොල්තෙල් ගේන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න කියලා තමයි අපි කියන්නේ."

Rate this item
(0 votes)
Last modified on Friday, 26 March 2021 17:46

Related items