May 04, 2024

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය සජීවීව

අපවත් වී වදාළ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක විශාරද කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඒෂියන් මිරර් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේනමක මෙන්ම සුපේෂල ශික්‍ෂාකාමී මහ තෙරනමක් වූ අපවත් වී වදාළ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙන්, කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (25) පස්වරුවේ ඇරඹිණි.

මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද (25) දිනය රජය විසින් ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 March 2021 16:08