May 04, 2024

කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රහස්පතින්දා (25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිදුකිරීමට නියමිතය.

ආදාහන පූජෝත්සව කමිටු රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

අද (22) අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දී උන්වහන්සේ අපවත් වු බව වාර්තා වේ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේහි පසු වුණි.

1933 ජනවාරි 23 දින දා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපත ලද උන්වහන්සේ වර්ෂ 1948 වසරේ  පැවිදි දිවියට ඇතුළත් වී තිබේ. 

Rate this item
(4 votes)
Last modified on Monday, 22 March 2021 18:05