May 04, 2024

කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

අපවත්වී වදළ කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (24) අවසන් ගෞරව පුද කළේය.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ ගල්කිස්ස, ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට ගොස් මහා නා හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මවාස හිමිපාණන්ගේ ආදාහන පුජෝත්සවය හේතුවෙන් හෙට (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

උන්වහන්සේ විසින් සිදුකළ ජාතික, ආගමික හා ශාසනික සේවය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

ආදාහන පූජෝත්සවය පවත්වනු ලබන නගර සීමාව තුළ ශෝක දිනයක් සේ සලකා හෙට දින කොළඹ දිස්ත්‍රික්කය තුළ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුරාසැල් සහ මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබීමටත් නියමිතය.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විමට නියමිතය.

Rate this item
(0 votes)