May 04, 2024

අපවත් වී වදාළ මහනාහිමියන්ට පාර්ලිමේන්තුවේ ශෝකය නිල වශයෙන් පල කෙරේ (VIDEO)

අමරපුර නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක විශාරද කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ බලවත් සංවේගය පළ කරන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

විවිධ ලිපි ලේඛන හා ධර්ම පත්‍රිකා මගින් ශාස්ත්‍රීය සේවය දියත් කළ උන්වහන්සේ වසර 60 කට ආසන්න කාලයක් තුළ ලියන ලද ලිපිලේඛන ආදිය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් මානව සංහතියේ උන්නතියටත් සුවිශාල සේවයක් කරමින් ආදර්ශවත් කැපවුණු පැවිදි ජීවිතයක් ගත කළ උන්වහන්සේගේ අපවත් වීම මුළු මහත් සමාජයටම සිදුවූ බලවත් පාඩුවක් බව කතානායකවරයා පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරන පණිවිඩය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන ලදී.

ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් බලවත් සංවේගය පළ කරන බව කළ කතානායකවරයා උන්වහන්සේට උතුම් වූ නිවන් සුව ලැබේවා යැයි සදහන් කරමින් පාර්ලිමේන්තුවේ නිල ශෝක පණිවිඩය ප්‍රකාශ කිරීම නිමාවට පත් කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 March 2021 14:20