May 10, 2024

තවත් ආනයනික පොල්තෙල් අලෙවිසැල් දෙකක් සීල් තියයි (VIDEO)

විදේශ රටවලින් ගෙන්වා ගබඩා කොට පොල් තෙල් සහ ෆාම් තෙල් තොග අලෙවි කරන දඹුල්ලේ ස්ථාන දෙකක් ඊයේ (24) සීල් තැබීමටත් එම ස්ථාන වලින් තෙල් කොටස් පරික්ෂා කිරීම සඳහා ලබා ගත් බව මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු පවසති.

මාතලේ පාරිභෝගික අධිකාරියේ  ප්‍රධානී රේණුක කුමාර ඇතුළු කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයේ මහා පරිමාණ පොල් තෙල් තොග අලෙවි කරන ස්ථාන කිහිපයක් පරීක්ෂාවට ලක්කරමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මහා පරිමාණයෙන් පොල් තෙල් අලෙවි කරන ස්ථානයකට ගොස් පරීක්ෂා කර බැලීමේදී එම ස්ථානයේ  ගෙන්වූ ආයතනයක් නමක් හෝ ලියකියවිල්ලක් නොමැතිව රුපියල් ලක්ෂ තිහකට ආසන්න පොල්තෙල් සහ ෆාම් ඔයිල් තොගයකට මුද්‍රාව තැබීමට පියවර ගනු ලැබීය.

මෙම ස්ථානයේ භූගත සහ ඉහළ සවිකොට තිබූ පොල්තෙල් හා ෆාම් තෙල් ගබඩා ටැංකි පරික්ෂා කොට බැලීමේදී ඒවායේ විවිධ මියගිය කෘමීන්ගේ  කොටස් මෙන්ම මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබීම විශේෂත්වයකි.

සම්පූර්ණයෙන්ම එම ස්ථානයේ තෙල් අලෙවිය තාවකාලිකව නවතා දමා මුද්‍රා තැබීමට මාතලේ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර මහතා ඇතුළු පිරිස පියවර ගනු ලැබූහ.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ තවත් පොල් තෙල් තොග අලෙවි කරන ස්ථානයක් පරික්ෂා කිරීමේදී එම ස්ථානයේ  පොල් තෙල් මිලදී ගැනීම සිදු කළ බිල්පත් සහ අදාළ පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය වුවද එම ස්ථානයේ ගබඩා කිරීමේ දී පාම් තෙල් සහ පොල්තෙල් යම් මට්ටමකින් කලවං වන බව අනාවරණය කර ගැනීමත් සමග එම ස්ථානයේ  අලෙවිය ද තාවකාලිකව නවතා මුද්‍රා තබා එහි පොල්තෙල් සහ ෆාම් තෙල් කොටස් ලබා ගැනීමට පියවර ගත්හ.

මෙසේ ලබාගත් තෙල් සාම්පල් කොටස් කොළඹ පාරිභෝගික අධිකාරියට ලබා දී සුදුසු ස්ථානයකින් ඒවා මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා ද නැද්ද යන්න පරික්ෂා කිරීම  සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පවසති.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 March 2021 15:02

Related items