May 11, 2024

පිළිකා කාරක පොල්තෙල් රේගුවෙන් මුදා හැරියේ ආණ්ඩුවේ ලොක්කෙකුගේ අනුමැතියෙන්

සමාගම් 4ක් විසින් මෙරටට ගෙන්වූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.

එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ පසුගිය 23 දිනයේදීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කළේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවය.

එම තෙල් තොගය සහිත බහාලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන්නේ ඒ අනුව බව ඔහු සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා මෙලෙස ප්‍රතිචාර දැක්විය.

“සමාගම් දෙකක් පොල්තෙල් කිලෝග්‍රෑම් 183,055ක් ආනයනය කරලා තියෙනවා පසුගිය දිනවල. ආනයනය කරන ලද පොල්තෙල් සාමාන්‍යයෙන් අපේ යාඩ්වල තියා ගන්නේ නෑ. මොකද මේ නියාමන අධිකාරීය දවස් ගානක් ගන්නවා මේවාගේ තත්ත්වය පරීක්ෂා කිරීමට. සාමාන්‍ය ක්‍රමය වන්නේ, ආනයනය කරන ලද පොල්තෙල් ඔවුන්ගේ යාඩ් සඳහා නිකුත් කරනවා. පසුගිය මාර්තු 4 වන දින අපට දන්වා සිටියා මේ සමාගම් දෙකෙන් ආනයනය කරන ලද පොල්තෙල් ප්‍රමාණයන්වල ඇෆ්ලටොක්සින් කියන රසායන ද්‍රව්‍ය අඩංගුයි කියලා. ඒක මත එදිනම අපි ලිඛිතව ඒ සමාගම් දෙකට කරුණු ඉදිරිපත් කළා වහාම ප්‍රතිඅපනයනය කරන ලෙස.“

මාධ්‍යවේදියා : දැන් මේවා වෙළඳපොළට ගියේ නැහැ කියලා ඔබතුමාට කියන්න පුලුවන්ද?

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා : "මේ වන විට ලිපිනයන් දෙක ලබා දීලා තියෙනව පාරිභෝගික සේවා අධිකාරියට තවදුරටත් පරික්ෂා කරලා බලන්න කියලා. ඒ බහාලුම් එම ස්ථානවල තියෙනවා ප්‍රති අපනයනය කරන්න සූදානම්"

Rate this item
(5 votes)

Related items