May 10, 2024

ප්‍රවේශමෙන් : පිළිකාකාරක පොල්තෙල් රට පුරා Featured

සිංහල අලුත් අවුරුද්දට පෙර මෙරට වෙළඳ පොළේ සහ දැනට රේගුවේ පවතින විදේශ රටවලින් ගෙන්වා ඇති පිරිපහදු නොකළ පොල්තෙල්, ෆාම් තෙල් මිනිස් පරිභෝජනයට සුදුසු ඒවාද යන්න පරීක්ෂණ පවත්වා ජනතාව දැනුවත් කළ යුතු බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිති.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සහ සම කැඳවුම්කරු තුෂාර විජේසිංහ යන දෙදෙනා අද (23) දින දඹුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම හෙළිදරව්ව කළේය.

මේ වන විට පිරිපහදු නොකළ විශාල පොල් තෙල් සහ පොල්තෙල් වෙනුවට ගෙන්වන ලද ආදේශක තෙල් වරායේ තිබෙන බවත් කන්ටේනර්  13ක බහලු එවැනි තෙල් පරීක්ෂා කර බැලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක සහිත බව හෙළි වී තිබෙන බවත් එම වාර්තාව ලැබෙන විටත් එම තෙල් තොගය රට පුරා බෙදා තිබෙන බවද එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා හෙළිදරව් කළේය.

සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කර ගෙන මෙරටට අවශ්‍යතාවයට වඩා වැඩි පිරිපහදු නොකළ පොල්තෙල් තොග මේ වන විටත් මෙරටට ගෙන්වා තිබෙන බව කියයි.

එමෙන්ම රජය මහජනතාවට ලබා දෙන පොල් තෙල් සඳහා ලබා දෙන බදු සහන වංචා  කරමින් ඉතා රහසිගතව එම බදු මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙම සංවිධායකවරයා හෙළිදරව් කරන්නට වූහ.

මෙහිදී සම කැඳවුම්කරු තුෂාර විජේසිංහ මහතා කියා සිටියේ අප්‍රේල් පළමු වැනිදාට පෙර මෙරට වෙළදපොලට නිකුත් වී ඇති පොල්තෙල් සහ විදේශ රටවලින් ගෙන්වා වරායේ ඇති පොල්තෙල් හා ෆාම් ඔයිල් සියල්ල මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා ද නැද්ද යන්න ජනතාව දැනුවත් කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් මහජනතාව සමඟ සිංහල අලුත් අවුරුද්දේ අහාර පාන සැකසීම වර්ජනය කිරීම ආදී විරෝධතා රැසක් රට පුරා ක්‍රියාත්මක කරන බවය.

මෙම මාධ්‍ය හමුවේ දී විදේශ රටවලින් මෙරටට ගෙන්වන පිරිපහදු නොකළ තෙල් වල කොටස් මෙන්ම පිරිපහදු කිරීමෙන් ඇතිවන තත්ත්වය පිළිබඳව පෙන්වා දීමට ඔවුහු ඉදිරිපත් වූහ.

ඔවුන් කියා සිටින්නේ මෙම පිරිපහදු නොකළ ෆාම් ඔයිල් සහ පොල්තෙල් නම පවසා ගෙන්වන ආදේශක තෙල් වල ඇල්ෆා ටෝක්සින් (alffa toxin) නැමැති පිළිකා කාරකය බහුලව පවතින බවය.

මෙම විශේෂ මාධ්‍ය හමුව අමතමිනි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්විය.

"ගිය අවුරුද්දේ අපේ රටේ ජනතාව සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්න ලහිලහියේ මෙවර සූදානම් වෙන්නේ පහුගිය අවුරුද්දේ සිංහල අවුරුදු සමරන්න බැරිවුනු නිසා. මෙම අවුරුදු සමරන අවස්ථාවේ ප්‍රධානම ආහාර නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආදේශක තෙල් පිළිබඳව රටේම ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි අද  වෙළඳපලේ තියෙන පොල් තෙල්  විදේශ රටවලින් ගෙන්වා ඇති පිරිපහදු නොකළ පොල්තෙල් ආදේශක සහ ෆාම් තෙල් මිනිස් පරිභෝජනයට සුදුසුද නුසුදුසුද යන්න හෙළිදරව් කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපේ ලංකාවට ජනවාරි මාසයේ සහ පෙබරවාරි මාසයේ  මෙක්ට්‍රි ටොන්  හතළිස් දාහක් පමණ ආදේශක තෙල් ආනයනය කරලා තියෙනවා බදු සහන ලබා ගෙන අපනයනකරුවන්  එයින් මෙට්‍රික් ටොන් තිස්  හත්දාහක් ලංකාවට ගෙන්නලා තියෙනවා  බදු සහන යටතේ .ඒ සඳහා බිලියන 10.5 ක මුදලක් වියදම් කරලා තියෙනවා."

"තෙල්  ආනයනය කරපු ප්‍රධාන පෙළේ අයෙකු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත දැනුවත් කර තිබුණා මෙම ආනයනය කරන ලද තෙල්වල( alffatoxin  ) කියන පිළිකා විෂකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවා කියලා. මේ වන විට එවැනි කන්ටේනර් 13 පරීක්ෂණයට ලක් කලා . එම පරීක්ෂණ වාර්තාව ලැබෙන කොට එම කන්ටේනර් 13 ම පිළිකා සහිත මෙම විස කාරකය තියෙනවා කියලා තහවුරු කරගෙන තියෙනවා නමුත් අවාසනාවන්ත කමට එමතෙල් සියල්ල නිෂ්කාශනය කරගෙන අරන් ගිහින් විකුනලා අවසන් වෙලා තියෙනවා. තවත් විශාල ප්‍රමාණයක් රේගුවේ පස්සා දොරෙන් එලියට දමන්න ලියකියවිලි මාරු වෙමින් පවතිනවා. පොල්තෙල් කර්මාන්තකරුවන් හැටියට අපි පොල් සංවර්ධන මණ්ඩලයෙන් විමසීමක් කළා ඒ අය අඩුම තරමේ මොනවා ගෙන්නුවා ද කියලවත් දන්නේ නැහැ .ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන අධිකාරිය තමයි පොල් අසිතව අපනයනය ආනයනය සියල්ල දැන ගත යුත්තේ."

"මෙම මාධ්‍ය හමුවට අරගෙන ආවා පිරිපහදු නොකරන ලද මෙරටට ගෙන්වන ආදේශක තෙල් ඒවා තනිකරම වෙනත් පැහැයක් තිබෙන්නේ. ඒ වගේම ඒවා පාට කීපයකින් එකම ඇසුරුමේ මිදිලා තියන ආකාරය බලන්න පුළුවන් .ඒවා පිරිපහදු කලාට පස්සේ තිබෙන ආකාරය තමයි අපට මේ විදිහට පේන්න තියෙන්නෙ .අපි පෙන්වන්නේ රටේ ජනතාවගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව සොයා බලන්න ඕන නිසා අධික උෂ්ණත්වය හරහා මෙම පිරිපහදු නොකළ තෙල්වල දුර්ගන්ධය ඉවත් කොට මේවටකෙමිකල් වර්ග පාවිච්චි කරලා තියෙන්නේ. අපි මේ පිළිබඳව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහත්තයට අරුන්දික ප්‍රනාන්දු මහත්තයට ඒ වගේම රමේෂ් පතිරණ මැතිතුමාට දැනුවත් කරලා තියෙනවා .ඒ අයට වත් මේ සඳහා සාධාරණයක් ඉටු කරගන්න නොහැකි තරමටම මෙම කණ්ඩායම් සාර්ථක වෙලා තියෙනවා .

අපි ඉල්ලීමක් කළා මේ පිරිපහදු නොකළ තෙල් ලංකාවට ගෙන්වන්න එපා ඒ සඳහා පිරිසිදු පොල් මද මේ රටට ගෙන්වන්න කියලා පිරිසිදු පොල් මද පෙන්නුවහම අපේ රටටම අවශ්‍ය  නියම පොල්තෙල් නිෂ්පාදනය කර ගන්න පුළුවන් .හැබැයි ඒක තවමත් කරන්න හැකියාවක් සිද්ධවෙලා නෑ. මේ තෙල් ආනයනය කිරීම නිසා තමයි අපේ රටේ ලෙඩ රෝග රැසක් මිනිසුන්ට පවතින්නේ ඒ වගේම පහුගිය රජය සමයේ අති විශේෂ ගැසට් පත්‍ර ගහලා පිරිපහදු නොකළ තෙල් මෙරටට ගෙනවිත් ඒවා  පොල්තෙල් වලට කලවම් කිරීමේ හැකියාව සඳහා නීතිය ලබා දුන්නා, එම ගැසට් එක තවමත් අවලංගු කර ගන්න බැරි වෙලා තියෙනවා.

ලංකාවේ පොල් තෙල් අවශ්‍යතාවය සපුරන්න දේශීය කර්මාන්තකරුවන්ට පුළුවන් විශාල පොල්  ප්‍රමාණයක් විදේශ රටවලට යවනවා  බලන්න ඒවා කළමනාකරණය කළොත් මෙරටට අවශ්‍ය නියම පිරිසිදු පොල්තෙල් නිෂ්පාදනය කරන්න පුළුවන්.අපි දන්නවා ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ පොල් තෙල් බැරල් ගානේ ඇවිදින්න බැහැ ඒ නිසා තමයි රජයේ නිලධාරීන් පත් කරල ඉන්නෙ රජයේ නිලධාරින් තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරනවා නම් මේ වගේ ජනතාවට පිළිකා කාරක සහිත ෆාම් තෙල් පොල්තෙල් එළවළු තෙල් සහ විවිධ නම්වලින් ගෙන්වලා කවන්න හැකියාවක් නැහැ. අපේ රටේ ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට මිනිසුන් සමූල  ඝාතනය කිරීම සඳහා කරන මහා විනාසයක් පි මේ සිංහල අවුරුද්දට පොල් තෙල් පාවිච්චි කරනවා නම් එය අපට විශ්වාස තැනකින් ගන්න අපේ ලංකාවේ ප්‍රධාන පෙලේ වෙළඳසැල් වල තියෙන පොල්තෙල් වල ඇත්ත සොයලා බලන්න ඒවායේ ඇහැට නොපෙනෙන ආකාරයෙන් ලියලා තියෙන්නේ ඒවා පිරිපහදු කරන ලද පොල්තෙල් කියලා හැබැයි දෙසිය පොල්තෙල් විදිහට තමයි ලොකු අකුරෙන් අපි රවටලා වෙළඳපොලේ විකිණෙනේ ."

"අපේ ලංකාවේ ම පොල්තෙල් අවශ්‍යතාවය වෙන්නේ   මෙට්‍රික් ටොන් පහළොස් දාහක්  හැබැයි මෙට්‍රික් ටොන් 40000 ට වැඩිය ෆාම් ඔයිල්  පොල් ගෙන්වලා . එයින් මෙක්රික්ටෝන් තිස් හත් දහසකට  බදු සහන අරගෙන  තියෙනවා. එක පැත්තකින් අනවශ්‍ය විදේශ විනිමය පිටට යනවා. ජනාධිපතිතුමා විදේශ විනිමය ආරක්ෂා කිරීම සඳහා විශාල මහන්සියක් වෙහෙසක් ගන්නවා දේශීය කර්මාන්ත දියුණු කරන්න හැබැයි රාජ්‍ය නිලධාරින් ඉතා සූක්ෂම ලෙස මේ සියලු දෙනාම මුලා කරමින්  බහුජාතික සමාගම් වල සේවකයන් බවට පත් වෙලා ඉන්නවා."

සමස්ත ලංකා පාරම්පරික පොල් පීල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සම කැඳවුම්කරු තුෂාර විජේසිංහ මහතා මෙසේ පැවසීය.

"අපි ඉතා වගකීමෙන් යුතුව ඉල්ලීමක් කරනවා මේ පිළිකා කාරක සහිත එලියට ගිය පොල්තෙල් පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු කරන්න එතකන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන පොල්තෙල් ආහාරයට නොගෙන වර්ජනය කරන්න. දැනට කන්ටේනර් රථ වල ඇති මේ තෙල් මිනිස් පරිභෝජනයට සුදුසුද නුසුදුසුද කියලා අප්‍රේල් පලවෙනිදා ට කලින් කියන්න. එහෙම නැති වුණොත් අපි මුළු රටේම ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා දේශීය පොල් තෙල් කර්මාන්ත කරුවන් හැටියට විවිධ ක්‍රියා මාර්ග වලට අවතීර්ණ වෙනවා. මේ සිංහල අලුත් අවුරුද්දට ගෙදර  ලිප තියන තෙල් තාච්චියේ මාරයා එක්ක තමයි ලිප තියන්න වෙලා තියන්න. අපි ඉල්ලීමක් කරනවා මේ සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන අපේ අහිංසක ජනතාවගේ ජීවිත පරදුවට තියලා සිදුකරණ මේ  තෙල් මාපියාව වහාම රටේ ජනතාවට  හෙළිදරව් කරන්න."

"මෙරටට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන්වන්නේ ඇයි මේවා ගෙන්වන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි රජය මහ ජනතාවට ලබාදෙන බදු මුදල් වලට මුවා වෙලා අපේ ජනාධිපතිතුමාගේ එක සංකල්පයක් තමයි ෆාම් ඔයිල් සීමා කිරීම ඒ යටතේ රටට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා බදු සහනයක් ලබා දුන්නා ඒ අනුව  රුපියල් දෙසිය හැත්තෑ පහකට තිබුණු බද්ද රුපියල් 150කින් අඩු කරල තියෙනවා ඒ රුපියල් එකසිය පනහේ බදුසහනය මෙම ජාවාරම්කරුවන් ලබාගෙන තමයි ජනතාවට වස විස කවන්නෙ."

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 March 2021 09:40

Related items