May 19, 2024

"සිංහරාජයට කවුරුත් අත තියලා නෑ: තරුණිය කියන්නේ බොරු" - පරිසර ඇමතිගෙන් කැබිනට්ටුවට දේශනයක්

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිංහරාජ වනාන්තරයෙහි සිදුවන වන විනාසය ගැන භාග්‍යා අබේරත්න නම් තරුණියක කළ ආන්දෝලාත්මක හෙලිදරව්ව පිළිබඳව අවධානය යොමු වී ඇති බැව් කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීමේදී භාග්‍යයා අබේරත්න කියන ආකාරයේ වන විනාශයක් සිංහරාජයේ සිදුවී නැති බව මහින්ද අමරවීර පරිසර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.

තරුණිය පවසන ඉඩම සිංහරාජයට අයත් නැති පෞද්ගලික ඉඩමක් බව එහිදී අමරවීර අමාත්‍යවරයා වැඩි දුරටත්  සඳහන් කර තිබෙන බවද දැනගන්නට තිබේ.

ඉන් පසු ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල ඇමැතිවරුන් කිහිප දෙනකුම අදහස් දක්වා ඇති අතර දැනටමත් වන විනාසය වලක්වන්න විශේෂ කාර්ය බලකාය යොදවා ඇති ඇති බවත් ලැබෙන පැමිණිලි පරීක්ෂාකොට වැරදිකරුවන්ට දඬුවම් ලබාදී තිබෙන  බවට සරත් වීරසේකර මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කොට තිබේ.

ඉන්පසු අදහස් දක්වා තිබෙන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ රජය බලයට පැමිණියේ කැලෑ කපන්න නොව කැලෑ රකින්න බව සඳහන් කොට ඇති අතර සංවිධානාත්මකව රජයට විරුද්ධව මතවාද හදන පිරිසක් සිටින බවද හෙළිදරව් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වහා පියවරක් ගත යුතු බවත් පෙන්වා දී ඇති රණතුංග අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා බොරුව වපුරවන බවත් ඊට එරෙහිව ඇත්ත සමාජගත කළ යුතු බවත් කැබිනට් මණ්ඩලයට යෝජනා කොට තිබේ.

ඇමතිවරුන්ගේ අදහස් දැක්වීම් අසා සිටි ජනපතිවරයා සඳහන් කොට තිබෙන්නේ වන විනාශයන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කොට වැරදිකරුවන්ට දඬුවම් දීමට තමා මේ වන විටත් උපදෙස් දී ඇති බවය.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 21 March 2021 00:48

Related items