May 19, 2024

භාග්‍යා කී ඉඩමේ තොරතුරු එළියට - හිමිකරු සියල්ල හෙළිකරයි

භාග්‍යා අබේරත්න නම් 19 හැවිරිදි තරුණියගේ හෙළිදරව්වෙන් පසුව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකට තුඩු දුන් සිංහරාජ ඉඩමේ වත්මන් අයිතිකරුවන් වන ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ගුරුගේ පවුල විසින් ඉඩම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ.

එහිදී ගුරුගේ පවුල විසින් පවසා සිටින්නේ මෙම ඉඩම එම පවුලේ සාමාජිකයන් තිදෙනෙකුට අයිති බවයි. එමෙන්ම මෙම ඉඩම වසර 45කට අධික පෞද්ගලික ඉඩමක් ලෙස පැවැත එන බවත්, පත්තිරු සහිත පැරණි තේ වගාවකින් සමන්විත ලියාපදිංචි සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් බවද ඔවුන් එහිදී පවසා තිබේ.

මෙම ඉඩම සහිත ප්‍රදේශය අලිංමකඩක් සහිත ප්‍රදේශයක් ලෙස හැඳින් වූවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් එය අලිංමකඩක් සහිත ප්‍රදේශයක් ලෙස නම් කොට නොමැති බවද ඔවුන් අවධාරණය කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් පේනවා දෙන්නේ මෙම ඉඩම තුළ හෝටලයක් සෑදීමට අදහස් නොකර බවත්, කලවාන ප්‍රාදේශීය සභාවේ අනුමැතිය මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශවලට අනුකූලව ඉඩමේ කොටස් 3ක, නිවාස 3ක් ඉදි කරමින් සිටින බවයි.

මෙම ඉඩම සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරියේ නිරීක්ෂණයද යොමු වූ බවත්, ඔවුන්ගේ නිර්දේශයන් මත ඉඩෙමහි පාංශු සංරක්ෂණය සහ තේ වගාවට සරිලන පරිදි ගල් වැටි දමා සංරක්ෂණය කර ඇති බවද ඔවුන් සඳහන් කර තිබේ.

ගුරුගේ පවුලේ සාමාජිකයන් විසින් මෙම ඉඩම මිලදී ගැනීම පෙර එම ඉඩමේ අයිතිකරුවා විසින් ජල බෝතල් කර්මාන්ත ශාලාවක් සඳහා එම භූමිය එළිකර තිබු බවත්, ගුරුගේ පවුල විසින් මෙම ඉඩම මිලදී ගැනීමෙන් පසුව එම එළිකරන ලද භූමිය තුළ මේ වන විට එම ඉඩම සහිත ප්‍රදේශයට ආවේනික වූ පැළ 200කට ආසන්න ප්‍රමාණයක් නැවත සිටුවා ඇති බවද සඳහන් වෙයි.

එමෙන්ම මෙම ඉඩම සම්බන්ධව මේ වන විටත් සිය පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත්, ඉඩම අයිතිය පිළිබඳව සියලු ලියකියවිලිද මේ වන විටත් එම පරික්ෂණ සඳහා ලබා දී ඇති බවද ඔවුන් පවසා තිබේ.

එම සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(11 votes)

Related items