May 19, 2024

“බොරුවට කයිය ගහන්නේ නැතුව එන්න සිංහරාජයට” - සිංහල රාවයෙන් වන ජීවි ඇමතිට අභියෝගයක්

වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බී රත්නායක මහතා වෙත සිංහල රාවය සංවිධානය විසින් අභියෝගයක් එල්ල කොට තිබේ.

අමාත්‍යවරයා මෙම අභියෝගය එල්ල කරමින් පවසා සිටින්නේ භාග්‍යා අබේරත්න නම් තරුණිය විසින් හෙළි කරන ලද වන විනාශයක් සිදුවන සිංහරාජ මායිමේ ඇති ඉඩමට පැමිණෙන ලෙසයි.

එසේ පැමිණ අමාත්‍යවරයාට හැකි නම් සිංහරාජයේ මායිම් පෙන්වන ලෙසද ඔවුන් විසින් අභියෝග කර සිටියි.

එහිදී සිංහල රාවය සංවිධානයේ ගාලු දිස්ත්‍රික්ක නායක අසංක රුවන් පොතුපිටිය මහතා ප්‍රකාශ කළේ “මම අභියෝග කරනවා වන ජීවි ඇමතිතුමාට එන්න මේ ස්ථානයට, ඇවිල්ලා පුළුවන් නම් ඔබතුමා පෙන්නන්න මේ සිංහරාජ අඩවියේ කොතනද මායිම් තියෙන්නේ කියලා..දන්නේ නැතුව බොරුවට කයිය ගහලා මේ පරිසර විනාසය දැක දැක ඔබතුමාලා බොරුවට නිහඬව සිටිමී ගැන ඇත්තටම ලැජ්ජයි” යනුවෙනි.

ඔවුන් පෙන්වා දෙන්නේ භාග්‍යා අබේරත්න නම් 19 හැවිරිදි තරුණිය විසින් හෙළි කරන ලද ඉඩම සම්බන්ධයෙන් වාහම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

එම සංවිධානයේ ලේකම් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පෙන්වා දෙන්නේ එම ස්ථානයේ පරිසරයට අදාළ සියලු නීති උල්ලංඝනය කරමින් පරිසර විනාශයක් සිදුකරගෙන යන බවයි.

භාග්‍යා අබේරත්න නම් 19 හැවිරිදි තරුණිය විසින් සිංහරාජ සීමාවේ ඉඩමක කරන ලද පරිසර විනාශයක් සම්බන්ධයෙන් අනාවරණය කිරීමෙන් පසුව සිංහල රාවයේ ලේකම් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු එම සංවිධානයේ පිරිසක් අදාළ ඉඩම නිරික්ෂණය සඳහා ගොස් තිබුණි.

ඔවුන් දැක්වූ සම්පුර්ණ අදහස් පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Friday, 19 March 2021 07:40

Related items