May 19, 2024

භාග්‍යාගේ වෙනුවෙන් මහසඟරුවන පෙරට! නිවසටත් වැඩම කරයි

සිංහරාජ වන විනාශය ජනමාධ්‍ය ඔස්සේ රටට කීමේ වරදට රාජ්‍ය උදහසට ලක්ව සිටින භාග්‍යා අබේරත්න දියණිය දිරිමත් කිරීම සඳහා ආශිර්වාද කිරීමට අද(18) දිනයේදී මහා සංඝරත්නය වැඩම කරන බව ජාතික භික්‍ෂු පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් පවසන්නේ සිංහරාජ වන විනාශය ජනමාධ්‍ය ඔස්සේ රටට කීමේ වරදට රාජ්‍ය උදහසට ලක්ව සිටින භාග්‍යා අබේරත්න දියණිය තව තවත් දිරිමත් කිරීම සඳහා ආශිර්වාද කිරීමට හා මව්බිමේ අනාගතය වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත්වීම පිළිබඳව මහා සංඝරත්නයේ ප්‍රශංසාත්මක අගයකිරීම පිළිගන්වනු පිණිස ජාතික භික්‍ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා අද පෙරවරු 11.30 ට භාග්‍යා දියණියගේ නිවසට වැඩමකිරීමට සූදානම් බවයි.

භාග්‍යා දියණිය හෙළිකළ සිංහරාජ වන විනාශය නිරීක්‍ෂණය කිරීමද මෙම ගමනේ තවත් අරමුණක් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මේ අතර සිංහල රාවයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු එම සංවිධානයේ පිරිසක් ඊයේ (17) දිනයේදී භාග්‍යා අබේරත්න තරුණිය විසින් අනාවරණය කළ සිංහරාජ වන විනාශය සිදුවන ඉඩම වෙත ගොස් තිබේ.

එහිදී එම පිරිස ඉඩමට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එම ස්ථානයේ සිටි මුරකරුවා විසින් විරෝධය පළ කර තිබූ අතර එම විරෝධය නොතකා අක්මීමන දයාරතන හිමි ඇතුළු පිරිස  

කෙසේ වෙතත් පිරිස විසින් ඉඩමට ඇතුළු වන අතර එහිදී දැකගන්නට ලැබී තිබුණේ ජල පහරක් හරස් කරමින් ඉඩම තුළ කුඩා ජලාශයක් ද නිර්මාණය කර ඇති බවයි.

එහිදී සිහල රාවයේ පිරිස විසින් පවසා සිටියේ ගම්වාසීන් විසින් තමන්ට බීමට ජලය නොමැති බවට පවසා සිටි බවත් ඉඩම් හිමිකරුවන් විසින් එම ස්ථානයේ තටාක ගසා ඇති බවත් පිරිස විසින් චෝදනා එල්ල කළේය.

Rate this item
(0 votes)

Related items