May 19, 2024

“මම කෑගහන එක නවත්තන්නේ නෑ සර්” සිංහරාජය ගැන හෙළි කළ තරුණිය නිලධාරීන් ඉදිරියේ සංවේදී වෙයි (VIDEO)

සිංහරාජ වනාන්තර විනාශය පිළිබඳව හෙළි කරමින් රටේම කතාබහකට ලක් වූ 19 හැවිරිදි භාග්‍ය අබේරත්න නම් තරුණිය අද (16) දිනයේ වන සංරක්ෂණ නිලධාරීන් ඉදිරියේ සංවේදීව කතා කළ අයුරු මාධ්‍ය වාර්තා කර තිබුණි.

“මම කතා කරන්නේ එතන ඉන්න සත්තු ටික ගැන..අර විදිහට ගස් කපලා දාලා..පුච්චලා තියෙද්දී..වතුර එකතු කරලා තියෙද්දී උඩහ ඉන්න සත්තු ටිකට මොකද වෙන්නේ..” යැයි ඇය විසින් වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් සංවේදීව විමසා සිටියාය.

මෙම තරුණිය විසින් මෙම ප්‍රකාශය කර තිබුණේ ඇය විසින් හෙළිදරව් කරන ලද වන විනාශය පිළිබඳව වන සංරක්ෂණ නිලධාරීන් පැමිණ කරුණු විමසා සිටි අවස්ථාවේදීය.

ඇය එහිදී විමසා සිටියේ එම වන විනාශය සිදුවන ස්ථානය පසුකර එන නිලධාරීන්ට එම ඉඩමේ අයිතිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට නොහැකි මන්ද යන්නයි.

“දැන් තර්ජන එනවා..මෙහෙම එක පාර කතා කරද්දී මට වුණත්, මම තවම අවුරුදු 19යිනේ..කොච්චර වුණත් මම සංවේදී ළමයෙක්..කොච්චර හයියෙන් කෑගහුවත් පොඩි දේ කියද්දීත් කඳුළු එන්නේ ඒක හින්දා..” යැයිද ඇය සංවේදී වෙමින් පවසා සිටියාය.

එමෙන්ම ඇය දැඩිව කියා සිටියේ මෙම වන විනාශය නැවතුණත් නැතත් තමන් මෙලෙස හඬ නැගීම අවසන් නොකර බවයි.

ඇය පළ කළ සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)

Related items