May 19, 2024

සිංහරාජය ගැන කතා කළ තරුණියටත් ඔප්පුවක් නැහැ - ජනපතිගෙන් ඔප්පුවක් ඉල්ලලා

සිංහරාජ වනාන්තරයේ ඉඳිවෙන හෝටලයක් සම්බන්ධව හෙළිදරව්වක් කළ භාග්‍ය අබේරත්න නම් තරුණිය සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන කතා පිළිබඳව සිය අදහස් පළ කර තිබේ.

එහිදී ඇය විසින් සඳහන් කර සිටියේ තමන් ජීවත්ව සිටින ඉඩමටත් ඔප්පුවක් නොමැති බවයි.

“මගේ ඉඩම්වල ඔප්පු ගැන කතා කරගෙන යනවා සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් දැවැන්ත ලෙස කතා කරගෙන යනවා.” යැයි ඇය සඳහන් කර සිටියාය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ගෙන යනු ලබන සිනක්කර ඉඩම් ලබා දීමේ යටතේ තමන්ගේ ඉඩමටත් ඔප්පුවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද ඇය සඳහන් කර සිටියාය. එහිදී ඇය කියා සිටියේ තමන්ද රන් බිම ඔප්පුවක් අපේක්ෂාවෙන් සිටින බවයි.

එමෙන්ම තමන් පදිංචිව සිටින නිවස අත ඇරලා යන මට්ටමේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන බවද ඇය සඳහන් කර සිටියාය.

එහිදී එම ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින් ඇය සඳහන් කර සිටියේ සතුන්ගේ නිවහනට හෝ පරිසරයට හානියක් වන ලෙස තමන් නිවස ඉදි කරගෙන නොමැති බවයි. 

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙන සියල්ල අසත්‍ය බවද ඇය සඳහන් කළාය.

Rate this item
(0 votes)

Related items