May 18, 2024

සජිත් පිලෙත් අවුල්! පක්ෂ නායකයන් කළකිරීමකින් - සජිත්ට බලපෑම් ඇවිත්

සමගි ජනබලවේගය පක්ෂයට එක්ව සිටින ඇතැම් සුළු දේශපාලන පක්ෂවල නායකයන් කළකිරීමකින් පසුවන බවට වාර්තා වේ.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයන් පිරිසක් ඔහුට දිගින් දිගටම කරන බලපෑමක් හා ඉල්ලීමක් හේතුවෙන්  බව ද එම පක්ෂ ආරංචි මාර්ග පැවසීය.

“ආණ්ඩුව දුවන්නෙ සිංහල බෞද්ධ පදනමින්. අපිත් ඒ ලයින් එක ගත්තේ නැත්නම් අමාරුයි. ඒ නිසා සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජිකයන් වන මුස්ලිම් දෙමළ නියෝජිතයන් ඡන්දවලට ඉදිරිපත් කරමු. සුළු දේශපාලන පක්ෂ බදාගෙන ඉන්න එක පක්ෂයට අවාසියි.’’ යනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට එම පිරිස බලපෑම් කරන බව ද වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සරත් ෆොන්සේකා, හරීන්, ප්‍රනාන්දු රංජිත් මද්දුම බණ්ඩාර, ඉමිතියාස් බාකීර් මාර්කර් සහ හේෂා විතාන යන මන්ත්‍රීවරුන් එම අදහස් ප්‍රකාශ කරන බවය.

එහෙත් චමිපික රණවකගේ අදහස ඊට වෙනස් එකක් බවද සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය.

‘‘සිංහල බෞද්ධ පදනම තියෙන්නෙ චම්පික රණවකලා ළඟ. එයත් ඒ වගේ අදහසක් දරන්නෙ නැහැ. චම්පික කියන්නේ සුළු පක්ෂ එකතු කරගෙන තිබෙන එක සමගි ජනබලවේගයට හයියක් බවයි. කොහොම නමුත් සජිත් තීන්දුවක් ගන්නා ඉක්මන් වෙන එකක් නැහැ. දැන් සමගි ජනබල වේගය පොදු සන්ධානයක් බවට පරිවර්තනය කරන වැඩ පිළිවෙළක් සකස් කරලයි තියෙන්නේ. මේ වනවිට පොදු සන්ධානයට නව ව්‍යවස්ථාවක් පවා සකස් කරලා තිබෙනවා.’’යැයි ද එම ජ්‍යෙෂ්ඨයා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 March 2021 07:50