May 17, 2024

තරුණියගේ හිස කොහේද? SI ගේ අල්ලපු වත්තෙන් ලැබුණු හෝඩුවාව මෙන්න

වේල්ලවීදියේ අත්හැර දමා ගිය ගමන් මල්ලේ තිබී හමු වූ තරුණියගේ ඝාතනය පිළිබඳව බොහෝ කරුණු මේ වන විට අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව තිබේ.

ඝාතනය සිදු වූ ආකාරය මෙන්ම, ඝාතනයට හේතුව මෙන්ම ඝාතකයා  පිළිබඳවත් මේ වන විට අනාවරණය වී තිබුණත් බොහෝ දෙනෙකුට මිය ගිය තරුණියගේ හිසට සිදු වු දේ පිළිබඳව ගැටලුවක් ඇතිව තිබේ.

වේල්ලවීදියේ බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ, හිස කොටස සොයා සිදු කරන විමර්ශන නව මාවතකට යොමු කරමින් අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට යාබද ගෙවත්තෙන් ලේ පැල්ලම් වලට සමාන පැල්ලම් කිහිපයක් සොයා ගැනීමට හැකි වී තිබේ.

විමර්ශන සඳහා කොළඹින් පිටත්ව ගිය කණ්ඩායම් විසින් ඒවා අද පස්වරුවේ සොයා ගෙන ඇත්තේ එහි කෙසෙල් ගසක් යට පිහිටි පොල් අතු කිහිපයක් උඩ තැවරී තිබියදීය.

අදාල පැල්ලම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මොනරාගල පොලිස් නිල සුනඛ අංශයේ සහය ලබා ගැනීමට ද කටයුතු යොදා තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 06 March 2021 20:46

Related items