May 11, 2024

කට්ටිය විමල්ට බනින හේතුව වාසු හෙළි කරයි

February 17, 2021

නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමට නොහැකි වීම නිසා ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිත් රිදවා ගෙන සිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා සහ ආණ්ඩුවේ පාර්ශවයක් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය ගැන අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.

ඉන්දියාවට එම ජැටිය දීමට ආණ්ඩුවේ සමහර පිරිස්ද පක්ෂපාතිත්වයක් තිබූ බව ඔහු පවසයි.

තමන් ඇතුළු පිරිස් ඊට විරෝධය දැක්වීම නිසා අවසානයේ එම කටයුත්ත අත්හැර දමන්නට සිදු වූ බවද ඇමැතිවරයා පැවසීය.

එම කණ්ඩායමට පරාජය හැඟීමක් ඇති නියා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

Rate this item
(1 Vote)